HomeGeneral

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පොලිසිය ජනතාවට දුන් උපදෙස්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පොලිසිය ජනතාවට දුන් උපදෙස්

එළඹෙන අප්‍රේල් අලුත් අවුරුදු උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කිහිපයක් සකස් කර ඇත.

බොඳවී යන ශ්‍රී ලංකා ICC ලෝක ශූරතාවය ?
ශ්‍රී ලංකාවේ සීත දෙසැම්බරයේ විවෘත වන කැරකෙන අවන්හල
ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් මුදල් වංචා කිරීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මහජනතාව වංචනික ක්‍රියාවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා විවිධ සැලසුම් සකස් කර ඇති බවයි. එළඹෙන උත්සව සමයේ පොලිසිය විසින් මහජනතාවට ලබාදෙන උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

  • භාණ්ඩ මිලදී ගැනීමේදී පරිභෝජනයට සුදුසු දැයි පරීක්ෂා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • සාමාන්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් අධික මිල ගණන්වලට හසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
  • සිල්ලර වෙළෙන්දන් මෙන්ම පාරිභෝගිකයින් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස මහජනතාවට දැනුම් දී තිබෙනවා.
  • ජනාකීර්ණ ප්‍රදේශවල පික්පොකට් කරුවන්ගෙන් විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එම ප්‍රදේශවල තම පුද්ගලික බඩු බාහිරාදිය සුරක්ෂිතව තබා ගන්නා ලෙසද ඉල්ලා සිටියි.
  • සාප්පු සවාරි සඳහා දරුවා රැගෙන යන්නේ නම් දරුවන්ට රන් ආභරණවලින් සැරසීමෙන් වළකින ලෙස මහජනතාවට උපදෙස් දී ඇත.
  • සාප්පු සවාරි යාමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය හේතූන් මත මුඛ ආවරණ පළඳින ලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.
  • සාප්පු සවාරි සඳහා තම පුද්ගලික වාහන සහ යතුරුපැදි භාවිතා කරන පුද්ගලයින්ට නියමිත වාහන නැවැත්වීමේ ස්ථානවල තබන විට වාහන නිසි ලෙස අගුළු දමා ඇති බවට සහතික වන ලෙස උපදෙස් ලබා දී ඇත.
  • උත්සව සමයේ නවතා ඇති යතුරුපැදිවල හිස්වැසුම් හෝ වෙනත් භාණ්ඩ දමා නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • සාප්පු සවාරි සඳහා නිවෙස්වලින් දුර බැහැරට යන මහජනතාවගෙන් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය හරහා බෙදා නොගන්නා ලෙස හෝ ඒවා ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා සිටියි.
  • කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කරන ලෙසත්, අනාරක්ෂිත දිය ඇලිවල දිය නෑම වැනි අවදානම් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළකින ලෙසත් සංචාරයේ යෙදෙන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • උත්සව සමයේ බීමතින් රිය ධාවනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!