HomeNewsNew Zealand News

සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්වීම් නොතකා නවසීලන්තය තෝරා ගන්නා ජාත්‍යන්තර සිසුන්ගේ වර්ධනයක්

සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස්වීම් නොතකා නවසීලන්තය තෝරා ගන්නා ජාත්‍යන්තර සිසුන්ගේ වර්ධනයක්

නවසීලන්තය තෝරා ගන්නා ජාත්‍යන්තර සිසුන්ගේ වර්ධනයක්

නවසීලන්ත ළදරු මරණ තුනක් සමඟ කක්කල් කැස්ස පැතිරීම ගැන විමර්ශනයක්
වැටුප් වර්ධක ඉල්ලා නවසීලන්ත රෝහල් වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරු වැඩ වර්ජනයක.
නවසීලන්තයට visitor visa මිලියනයකට වැඩි ප්‍රමාණයක්…

Malcolm Pacific Immigration ආයතනයට අනුව, නවසීලන්තය පුරා පාසල්, පුහුණු ආයතන සහ විශ්ව විද්‍යාලවල ස්ථාන සුරක්ෂිත කර ගැනීම සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ ස්ථාවර වර්ධනයක් දක්නට ලැබේ. COVID-19 ට පෙර, ජාත්‍යන්තර සිසුන් නවසීලන්ත ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් පමණ දායක විය.

සිසුන් නවසීලන්තය තෝරා ගැනීමට හේතු විවිධ වේ, එනම් විදේශයන්හි ජීවත්වීමේ/ඉගෙනීමේ අත්දැකීම් ලබා ගැනීම, තම මව් රටේ තිබෙන දේට වඩා හොඳ අධ්‍යාපනයක් හෝ නවසීලන්තයේ පදිංචියට යන මාර්ගයක් වැනි හේතු ය.
කෙසේ වෙතත්, සිසුන් සඳහා ආගමන ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදුවී ඇත. නිදසුනක් වශයෙන්, පදිංචියට යන මාර්ග දැන් සීමා වී ඇති අතර, පශ්චාත් අධ්‍යයන වැඩ අයිතිවාසිකම් තීරණය කරනු ලබන්නේ සම්පූර්ණ කරන ලද පාඨමාලාවේ වර්ගය අනුව ය. සති 36 හෝ ඊට වැඩි තෘතීයික පාඨමාලාවක් සම්පූර්ණ කරන සිසුන්ට දැන් සෑම වසරකම අවම වශයෙන් $20,000 ලබා ගත හැකි අරමුදල් තිබිය යුතුය. පාසල්වල ඉගෙනුම ලබන අයට (ප්‍රාථමික සිට ද්විතියික) වසරකට ඩොලර් 17,000ක් අවශ්‍ය වේ.

පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීමට පෙර නවසීලන්තයේ පාඨමාලාවක් ගැන නියෝජිතයෙකු ඔබට පවසන ඕනෑම දෙයක සත්‍යය තහහුරු කර ගැනීමට තවදුරටත් කරුනු සොයබැලීමට ඔවුන් උපදෙස් දෙයි. විදේශීය “නියෝජිතයින්” නියාමනය කර නොමැති බැවින් ආරක්ෂාව සහතික කිරීම සඳහා බලපත්‍රලාභී ආගමන උපදේශකයෙකු සමඟ කටයුතු කරන ලෙසද ජාත්‍යන්තර පාඨමාලාවක් හැදෑරීම සහ නව රටක ජීවත් වීම, නව අත්දැකීම්, සහ නව මිතුරන් ඇති කර ගැනීමේ කාලයක් විය යුතු බවද ඔවුන් සඳහන් කර සිටියි.

https://www.malcolmpacific.com/news/international-students-are-back

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×