HomeGeneral

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන 2023 කුසලානය ශ්‍රී ලංකාවට පැමිණේ

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන 2023 කුසලානය ශ්‍රී ලංකාවට පැමිණේ

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන 2023 කුසලාන සංචාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය අද (14) ආරම්භ වන අතර පහත පරිදි මහජන ප්‍රදර්ශනය සඳහා ලබා දෙනු ඇත.

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් අභාවප්‍රාප්තවෙයි.
ශ්‍රී ලංකාව එක්දින ඉතිහාසයේ ඔවුන්ගේ දීර්ඝතම ජයග්‍රහණ මාලාව වාර්තා කරයි
චරිත් අසලංක විස්සයි20 සහ එක්දින ශ්‍රී ලංකා නායකත්වයට…

කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා One Galle Face Mall හිදී මහජනතාවට කුසලානය නැරඹීමට අවස්ථාව ලැබේ.

සැප්තැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ (white ball captain) සහභාගිත්වයෙන් කුසලානය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කෙරේ.

කුසලානය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ක්‍රිකට් ගමනාන්ත 20 කට වැඩි ප්‍රමාණයකට ළඟා වීමෙන් පසුව වන අතර ශ්‍රී ලංකා වටය අවසන් වූ පසු කුසලානය 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරක ඉන්දියාව වෙත ළඟා වනු ඇත.

Share this:
error: Content is protected !!
×