HomeNewsNew Zealand News

All Blacks නව පුහුණුකරු ලෙස Scott Robertson පත් කිරීමට සැරසෙයි

All Blacks නව පුහුණුකරු ලෙස Scott Robertson පත් කිරීමට සැරසෙයි

මෙවර රග්බි ලෝක කුසලානයෙන් පසුව All Blacks පුහුණුකාර ධූරයේ වෙනසක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

පැරා ඔලිම්පික් තරඟ නවසීලන්තයේ TVNZ වෙතින් නොමිලේ නරඹන්න…
ඕක්ලන්ඩ් ව්‍යාපාරික ප්‍රජාවගෙන් නගරයේ ඉහළ යන සමාජ විරෝධී හැසිරීම් පිළිබඳ කනස්සල්ලක්…
ඕක්ලන්ඩ් වලට අලුත් පාලමක්, සැලසුම් 5ක්, මහජන අදහස් වලටත් අවස්ථාව

ඒ අනුව ස්කොට් රොබට්සන් විසින් All Blacks හී නව ප්‍රධාන පුහුණුකාර ධූරය භාර ගැනීමට සුදානම් බවද තහවුරු කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ පුහුණුකරුවෙකු හෝ ක්‍රීඩකයෙකු ලෙස රට නියෝජනය කිරීමට ලැබීම ක්‍රීඩාවේ ඉහළම ‍ගෞරවය බවයි. පුහුණුකාර ධූරය භාර ගන්නා තුරු තමාට ඉවසිල්ලක් නොමැති බවත් ඔහු සඳහන් කර සිටියා.

2024 පසුව ඊළඟ ලෝක කුසලානය සඳහා All Blacks පුහුණු කිරීම ස්කොට් වෙත පැවරෙන අතර ඔහු පවසා සිටියේ ඒ සඳහා සැලැකිය යුතු කාලයක් පවතින බැවින් කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා තීරණාත්මක වැඩ කොටසක් කිරීමට හැකියාව ඇති බවයි.

ස්කොට් නව ධූරය සඳහා සුදුසුකම් ලැබීමට පෙර, ඔහු පුහුණුකරුවෙකු ලෙස Super Rugby හී වසර 06ක් තුළ අඛණ්ඩව ශූරතාවයන් 06ක් සිය කණ්ඩායම වන Crusaders වෙත හිමි කරදීමට සමත්ව තිබුණා.

ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා ඉල්ලුම් කළ අනිකුත් පුහුණුකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය වී නැහැ.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×