HomeNewsSri Lankan News

“අඩපණ කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරනවා” – මහජන ආරක්ෂක ඇමති

“අඩපණ කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරනවා” – මහජන ආරක්ෂක ඇමති

ඉකුත් යහපාලන ආණ්ඩුව පිහිටවූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ගොනු 500ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම අඩපණ කරනු ල

නව කතානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්වේ
10වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ඇරඹේ
2024 මහ මැතිවරණය සමස්ත ලංකා අවසන් ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රීධූර 159ක් දිනාගනී

ඉකුත් යහපාලන ආණ්ඩුව පිහිටවූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ගොනු 500ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම අඩපණ කරනු ලැබූයේ එම ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා අද(28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ බවත් විවිධ රාජ්‍ය ආයතන, සංවිධාන සහ මහජනතාව විසින් සිදු කරන ලද පැමිණිලි මගින් දූෂණ, වංචා ලිපි ගොනු 1200ක් සකස් කළ බව ද හෙතෙම සදහන් කළේය.

එසේ සකස් කර අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ගොනු 500ක් සම්බන්ධයෙන් විභාග කිරීමට නොහැකි වන ලෙස ඩීල් දැම්මේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන යහපාලන ආණ්ඩුවේ ජනපති සහ අගමැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

වත්මන් රජය එම සියලු විමර්ශන යළි ආරම්භ කරන බවත් ඒ සඳහා නැවත FCIDය පිහිටවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Share this:
error: Content is protected !!
×