HomeNewsSri Lankan News

10වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ඇරඹේ

10වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ඇරඹේ

ශ්‍රී ලංකාවේ 10වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඇරඹීමට සියලු කටයුතු සූදානම්. මෙවර පාර්ලිමේන්තුව අන් කවරාදටත් වඩා සුවිශේෂී බවයි දේශපාලන විචාරකයින් පවස

අභිනව කථානායක ලෙස අචාර්ය අශෝක රංවල මහතා  පත්කෙරේ
2024 මහ මැතිවරණය සමස්ත ලංකා අවසන් ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රීධූර 159ක් දිනාගනී
නවක මන්ත්‍රී වැඩමුළුව ඇරඹෙයි, අගමැතිණිය නවක මන්ත්‍රීවරු අමතයි…

ශ්‍රී ලංකාවේ 10වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඇරඹීමට සියලු කටයුතු සූදානම්. මෙවර පාර්ලිමේන්තුව අන් කවරාදටත් වඩා සුවිශේෂී බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

ප්‍රධානතම කරුනක් වන්නේ මවර තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 160දෙනෙක් නවක මන්ත්‍රීවරුන් වන අතර මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් 22ක් හෙවත් වැඩිම කාන්තා නියෝජනයකින් සමන්විත වේ.

එමෙන්ම ජනාධිපති නියමයෙන් ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි හා ආචාර වෙඩිමුර, ජයමංගල ගාථා සියල්ලම නවත්වා ඇති අතර චාම් සරල පිළිගැනීමක් සිදුකරන බව වේත්‍ර නිලධාරී කුෂාන් ජයරත්න මහතා පවසන ලදී.

පාර්ලිමේන්තු කටයුතු 10ට ආරම්භ වන අතර කතානායක, නියෝජ්‍ය කතානායක, නියෝජ්‍යා සභානායක යන තනතුරු සඳහා මන්ත්‍රීවරුන් පත්කරගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙ.ව 11.10ට පමන පාර්ලිමේන්තුවට පැමිණෙන අතර එතුමා පිළිගනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහන්ධීර මහත්මිය වේ.

පසුව ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ වැඩ පිළිවෙල ඇතුලත් රාජාසන කතාව ඉදිරිපත් කරනු ලබන අතර මේ සඳහා විදේශ තානාපතිවරුන්, සම්භාවනීය අමුත්තන් විශාල ප්‍රමානයක් සහභාගීවේ.

Share this:
error: Content is protected !!
×