ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දුම්රියට වන අලීන් ගැටීමේ සිද්ධීන්ට විසඳුමක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විශේෂ උපකරණයක් නිෂ්පාදනය කර තිබෙ
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දුම්රියට වන අලීන් ගැටීමේ සිද්ධීන්ට විසඳුමක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විශේෂ උපකරණයක් නිෂ්පාදනය කර තිබෙනවා. අලි මරණ වැළැක්වීම සඳහා කෘතිම බුද්ධිය යොදා ගනිමින් මෙම සුවිශේෂී උපකරණය නිර්මාණය කර ඇත.
එම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පවසන පරිදි නව උපකරණය අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති අතර දුම්රිය මාර්ගයේ මීටර් 500ක් පමණ දුරින් වන අලියෙකු සිටියද මෙම උපකරණය දුම්රිය රියදුරුට දැනුම් දෙන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම උපකරණය සඳහා දුම්රිය හා වනජීවී දෙපාර්තමේන්තු අනුමැතිය ලබා දී ඇත. එවැනි උපකරණ 4ක් අවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා ඇති බවද මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පැවසීය.