HomeNewsSri Lankan News

ඇල්ල Odyssey e ටිකට් හොරා අල්ලයි

ඇල්ල Odyssey e ටිකට් හොරා අල්ලයි

දුම්රිය e-ticket ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන් වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේ

වසර 33ට පසු පොලිසියට රග්බි ශූරතාවක්
ජනපති නියෝගයෙන් ප්‍රභූ ආරක්ෂාව ඉවත් කෙරේ
ආරක්ෂාව තහවුරුයි, සැක පිට තිදෙනෙක් අත්තඩංගුවට – අමාත්‍ය විජිත හේරත්

දුම්රිය e-ticket ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන් වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමේ නිරතව සිටින බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිදුකළපරීක්ෂණවලින් තහවුරු කරගත් තොරතුරු මත පොලිස්මන් වරයාගේ සේවය අතහිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන, පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය හරහා අන්තර්ජාලයෙන් ඊ ටිකට් පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවසීය.

පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද ඇල්ල odyssey E ප්‍රවේශපත්‍ තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.

මෙලෙස අන්තර්ජාලය හරහා ලබා ගන්නා ඊ ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා අධික මුදලකට අලෙවි කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this:
error: Content is protected !!
×