HomeNewsSri Lankan News

වියට්නාම තානාපතිවරිය කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා හමුවෙයි

වියට්නාම තානාපතිවරිය කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය ඊයේ (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (ව

“ඇමති නිල නිවාස බාර දෙන්න” රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හිටපු ඇමතිවරුන්ට දැනුම් දෙයි
ශ්‍රී ලාංකාව අධිරාජ්‍යවාදී හස්තයෙන් මිදී අවුරුදු 77යි
ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය

ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය ඊයේ (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය. මෙහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන ද්විපාර්ශවික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව ගරු කථානායකවරයා සහ තානාපතිවරිය අදහස් හුවමාරු කරගත් අතර ප්‍රධාන වශයෙන් දෙරට අතර බුදු දහම සහ සංස්කෘතිය යන අංශවලින් ඇති සබඳතාවය පිළිබඳ අවධානය යොමු විය. එසේම පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළින් දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. තවද වියට්නාමයේ කෘෂිකර්මාන්තය වඩාත් ඵලදායී ආකාරයෙන් යොදාගනිමින් සිදු කරන නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව ගරු කථානායකවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.

මේ අනුව කෘෂිකර්මාන්ත අංශයේ තම ර‍ට සතු තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද ශ්‍රී ලංකාව සමග හුවමාරු කරගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව තානාපතිවරිය මෙහිදි පැවසුවාය. එසේම
සංචාරක කර්මාන්තයේ දියුණුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55වන සංවත්සරය සැමරීමට සමගාමීව දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරකම් රාශියක් සැලසුම්කොට ඇති බවද වියට්නාම තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.


මේ අතර, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා ද හමුවිය. මෙහිදී පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරීත්වය පුළුල් කිරීමේ වැදගත්කම වියට්නාම් තානාපතිවරිය අවධාරණය කළේය. එසේම මෙවර අයවැය මගින් විදේශ
ආයෝජන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යෙ‍ාමු කිරීම පිළිබඳවද තානාපතිවරිය මෙහිදී සිය ප්‍රසාදය පළ කළාය. තවද දසවැනි පාර්ලිමේන්තුව වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව බවත් එය වඩාත් වැදගත් සංධිස්ථානයක් බවත් මෙහිදී ගරු නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේය.


තානාපතිවරිය මෙහිදී සිය ප්‍රසාදය පළ කළාය. තවද දසවැනි පාර්ලිමේන්තුව
වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව බවත් එය වඩාත් වැදගත්
සංධිස්ථානයක් බවත් මෙහිදී ගරු නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා
දුන්නේය.

Share this:
error: Content is protected !!
×