HomeNewsSri Lankan News

සංචාරක ප්‍රවර්ධනයට නව දුම්රියවාර කීපයක්

සංචාරක ප්‍රවර්ධනයට නව දුම්රියවාර කීපයක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා උදෙසා නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. උඩරට මාර්ගයේ දුම්රිය

ඇල්ල Odyssey e ටිකට් හොරා අල්ලයි
හෙට සිට “ඇල්ල ඔඩිසි නානුඔය” ගමන් අරඹයි
Ella Odyssey – Kandy මංගල දුම්රිය ගමන අරඹයි

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා උදෙසා නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවති අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසූ අතර ඇල්ල – Odyssey – Kandy සහ Ella Odyssey – නානුඔය ලෙස නව දුම්රිය දෙකක් පෙබරවාරි මාසයේ සිට ධාවනයට එක්කිරීමට නියමිත අතර, Ella Odyssey – කලම්බු දුම්රියේ අමතර ගමන්වාරයක් ද යෙදවීමට නියමිතය.

Ella – Odyssey – Kandy දුම්රිය පෙබරවාරි මස 01 වනදින සිට සෑම සති අන්තයකම මහනුවර සහ දෙමෝදර අතර ධාවනයට යෙදවන බව දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා සඳහන් කළ අතර Ella Odyssey – Nanu-Oya දුම්රිය පෙබරවාරි මස 10 වනදින සිට, නානුඔය සහ බදුල්ල අතර ධාවනයට එක්කිරීමට නියමිත වේ.

කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන් වාරයක් පෙබරවාරි මස 10 වනදා සිට සෑම සඳුදා දිනයකම කොළඹින් පිටත්වීමට සහ පෙබරවාරි 11 වැනිදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ලෙන් පිටත්වීමට නියමිත වන අතර ජනවාරි මස 31 වැනිදා සිට කොළඹ සහ කන්කසන්තුරෛයි අතර රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this:
error: Content is protected !!
×