HomeNewsSri Lankan News

වසර 33ට පසු පොලිසියට රග්බි ශූරතාවක්

වසර 33ට පසු පොලිසියට රග්බි ශූරතාවක්

Clifford Cup පිළිමලුන් පිටුදැකීමේ අන්තර් සමාජ රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ Racec

ජනපති නියෝගයෙන් ප්‍රභූ ආරක්ෂාව ඉවත් කෙරේ
වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කෙරේ
ජොන්ස්ටන් හෙට CIDයට

Clifford Cup පිළිමලුන් පිටුදැකීමේ අන්තර් සමාජ රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ Racecourse පිටියේදී, පොලිස් කණ්ඩායම හා හැව්ලොක් කණ්ඩායම් අතරයි.

තරඟයේ පළමු අර්ධයේදී පොලිස් කණ්ඩායම ලකුණු 5 – 0ක් ලෙස ඉදිරියෙන් සිටියා.

ප්‍රථම අර්ධයේදී කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් පැවතුණ අතර තරඟයේ අවසන් වන විට පොලිස් කණ්ඩායම ලකුණු 19ක් ලබාගෙන සිටි අතර හැව්ලොක් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි.

පොලිස් කණ්ඩායම ලකුණු 19 ලබා ගත්තේ උත්සහක දිනුම් 3ක් ප්‍රවර්තන 2ක් සමගින්

හැව්ලොක් ලකුණු 12 ලබා ගත්තේ උත්සහක දිනුම් 2ක් සහ ප්‍රවර්තන 1ක් සමඟින් වන අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ පොලිස් කණ්ඩායමේ ආකාෂ් මදුෂංක යි .

කුසලාන ප්‍රදානයට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ,රග්බි සංගමයේ උසස් නිලධාරීන් එක්ව සිටියේය.

පොලිස් කණ්ඩායම මීට පෙර ශුරතාවයක් හිමිකරගෙන තිබුණේ 1991 වර්ෂයේදී. ඔවුන් ශුරතාවයක් හිමිකර ගත්තේ වසර 33ට පසුවයි.

Share this:
error: Content is protected !!
×