HomeNewsSri Lankan News

අගමැති හරිණි ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං හට අවසන් ගෞරව දක්වයි

අගමැති හරිණි ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං හට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ඉන්දිය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත

නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණයි
“ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නවා” – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අභාවප්‍රාප්ත ඉන්දිය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් විවෘත කරන ලද ශෝක ප්‍රකාශ පොතෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය අවසන් ගෞරවය පුද කිරීම අද (30) කොළඹ 03, ගාලු පාරේ, පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදු කළාය.

ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙනුවෙන් ගෞරව දැක්වීමක් ලෙස , 2024 දෙසැම්බර් 26 සිට 2025 ජනවාරි 1 දක්වා පුරා දින හතක් ඉන්දියාව රජයේ ශෝක කාලය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් 2024 දෙසැම්බර් 30 (අද) සිට 2025 ජනවාරි 01 දක්වා ශෝක පොත විවෘතව තබනු ලැබේ.

Share this:
error: Content is protected !!
×