77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින්, රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී
77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින්, රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්විය යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසුවේ යි.
කෙසේ නමුත් පවතින ආර්ථික තත්වය හමුවේ අදාළ උත්සවය අඩු වියදමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ස්වදේශ කටයුතු ශ්‍රවනාගාරයේදී අද (30) පැවැති 77 වැනි ජාතික නිදහස් දින සැමරුම් ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමින් ය.
පෙර වසරේදී නිදහස් දින සැමරුම් දින උත්සවය සඳහා අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 107ක් වියදම් කර ඇති බැවින් මෙවර නිදහස් දින සැමරුම් උත්වසය එම වියදම් හැකිතාක් අවම කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.