HomeNewsSri Lankan News

නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

නව පත්වීම් ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී

භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණයි
ගොඩනැගෙමින් පවතින කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට
“කාන්තා නියෝජනය 50%ක් විය යුතුයි, යාපනෙන්න් කාන්තාවක් පාර්ලිමේන්තු යවන්න ලෑස්ති වෙන්න” – අගමැති හරිනි යාපනයේදී කියයි

නව පත්වීම් ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාවයේ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර පුළුල් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම සහ ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන අතරම නැගී එන වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කළාය.

ලක් රජයෙන් පත් කළ නව දූත මණ්ඩල ප්‍රධානීන් වන කටාර් රාජ්‍යයේ නව තනාපති ආර්.එස්. ඛාන් අසාර්ඩ්, නවසීලන්ත රජ⁣යේ නව මහකොමසාරිස් ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න, රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපති එස්.කේ. ගුණසේකර, කුවේට් රජයේ නව තානාපති එල්.පී.රත්නායක, ඊජීප්තුව සඳහා නව තානාපති ඒ.එස්.කේ. සෙනවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මින් මෙම සාකච්ඡාවට සහභාගී විය.

Share this:
error: Content is protected !!
×