HomeNewsSri Lankan News

“ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් තොර පොදු අවකාශයක් සැමට අවශ්‍යයි” -අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

“ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් තොර පොදු අවකාශයක් සැමට අවශ්‍යයි” -අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 වැඩසටහන පෙරේදා (25) කොළඹ නගරශාලාවේදී ආරම්භ වූ අවස්ථාවේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත

අගමැති හරිණි ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං හට අවසන් ගෞරව දක්වයි
“ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම සැබෑ නිදහසයි” – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
“කාන්තා නියෝජනය 50%ක් විය යුතුයි, යාපනෙන්න් කාන්තාවක් පාර්ලිමේන්තු යවන්න ලෑස්ති වෙන්න” – අගමැති හරිනි යාපනයේදී කියයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 වැඩසටහන පෙරේදා (25) කොළඹ නගරශාලාවේදී ආරම්භ වූ අවස්ථාවේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් (GBV) තොරව සියලු පුරවැසියන්ට ආරක්ෂිත පොදු අවකාශයක් අවශ්‍ය කරන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වයෙන් තොර ශ්‍රී ලංකාවක් කරා: සැමට සුරක්ෂිත පොදු අවකාශයක්’ මැයෙන් මෙය පැවැත්විණි. මේ ව්‍යාපාරය හුදෙක් සංකේතාත්මක එකක් නොවන බවත් මෙවැනි ප්‍රචණ්ඩත්වයන් සමාජයෙන් තුරන් කිරීමට ස්ථිර පියවර ගැනීමට සෑම පුරවැසියකුම දායක විය යුතු යැයිද අගමැතිනිය මෙහිදී සඳහන් කළාය. බහු-ආංශික සහයෝගිතාව සහ ප්‍රතිපත්ති බලාත්මක කිරීම ආශ්‍රෙයන් GBV ආමන්ත්‍රණය කිරීමට රජය කැප වී ක්‍රියා කරන බව ඇය අවධාරණය කළාය.

ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රබල තේමා පාඨ රැගත් බැනර් සහ පුවරු රැගෙන නිදහස් චතුරශ්‍රයේ සිට කොළඹ මහ නගර සභාව දක්වා දැනුවත් කිරීමේ පාගමන පැවැත්වීම උත්සවයේ විශේෂත්වයක් විය. මේ පාගමන මඟින් සහයෝගිතාව සංකේතවත් කළ අතර, ආරක්ෂිත පොදු අවකාශ සඳහා වූ දැඩි අවශ්‍යතාව තහවුරු කරන්නක්ද විය. රජයේ, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ නියෝජිතයන් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවෝ ව්‍යාපාරයේ ඉලක්ක සඳහා ඔවුන්ගේ කැප වීම යළි තහවුරු කරමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අවම ඉවසීමේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සාමූහික ප්‍රතිඥාවක් දුන්හ. දින 16ක ක්‍රියාකාරිත්වයේ නිල ආරම්භය සටහන් කිරීම සඳහා කොළඹ මහා නගර සභා ගොඩනැඟිල්ල තැඹිලි පැහැයෙන් ආලෝකවත් කළ අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට රටේ කැප වීම පිළිබඳ විචිත්‍රවත් සිහිපත් කිරීමක් ලෙස මෙය කැපී පෙනෙන්නක් විය. රාජ්‍ය නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන හවුල්කරුවන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

Share this:
error: Content is protected !!
×