HomeNew Zealand

නවසීලන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ යාමට ඉඩ

නවසීලන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ යාමට ඉඩ

ප්‍රවාහන අධිකාරිය (Waka Kotahi NZTA) පළාත් පාලන ආයතනවලට බලපෑම් කරමින් පොදු ප්‍රවාහන පිරිවැය රජයේ නොවන මූලාශ්‍ර මගින් දැරිය යුතු ප්‍රමාණය වැඩි කරන ලෙස

ඕක්ලන්ඩ් ව්‍යාපාරික ප්‍රජාවගෙන් නගරයේ ඉහළ යන සමාජ විරෝධී හැසිරීම් පිළිබඳ කනස්සල්ලක්…
නවසීලන්තයෙන් MethaneSAT චන්ද්‍රිකාව අභ්‍යවකාශයට…
නවසීලන්ත Auckland ගුවන්තොටුපලේ සංචාරකයින්ට මවුරි භෂාවෙන් පිළිගැනීමක්.

ප්‍රවාහන අධිකාරිය (Waka Kotahi NZTA) පළාත් පාලන ආයතනවලට බලපෑම් කරමින් පොදු ප්‍රවාහන පිරිවැය රජයේ නොවන මූලාශ්‍ර මගින් දැරිය යුතු ප්‍රමාණය වැඩි කරන ලෙස දන්වා තිබේ. මෙය හේතුවෙන් ගාස්තු 70% දක්වා ඉහළ යා හැකි බව පෙන්වා දෙයි.

වෙලිංටන් නගරයේ දෛනික ප්‍රවාහන ගාස්තුව ඩොලර් 10 සිට 17 දක්වා ඉහළ යා හැකි අතර, ජීවන වියදම ඉහළ යන වකවානුවක මෙය ජනතාවට දැරිය නොහැකි බවට සැලකිය යුතු කනස්සල්ලක් මතු වී තිබේ.

වෙළඳ දැන්වීම් සහ හවුල්කාරිත්ව වැනි ආදායම් මාර්ග සොයා බැලීමට පළාත් පාලන ආයතනවලට උපදෙස් දී තිබුණද, එවැනි පියවර මගින් සීමිත සහනයක් පමණක් ලැබෙන බව නිලධාරීහු පෙන්වා දෙති. පොදු ප්‍රවාහන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, ගාස්තු මගින් ආවරණය වන කොටස 2017 වසරේ 40% සිට 2023 වසරේදී 10% දක්වා පහත වැටී තිබේ.

Share this:
error: Content is protected !!
×