HomeNewsSri Lankan News

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානි Kristalina Georgieva ප්‍රශංසා කරයි

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානි Kristalina Georgieva  ප්‍රශංසා කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රශංසා කර

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට සමාගම් 6ක් …
3වන සමාලෝචනයට IMF නියෝජිතයෝ ලබන සතියේ ලංකාවට
බොහෝ නවසීලන්ත වැසියන් හදිසි ඉතුරුම් නොමැතිව ජීවත් වන බව සමීක්ෂණයකින් සොයා ගනී

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රශංසා කර තිබේ.

මේ බව ඇය සඳහන් කර ඇත්තේ ඊයේ (26) දින නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම වැඩසටහනට අදාල තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් හා IMF සංවිධානය විසින් පසුගිය 23 වැනිදා කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බවත්, මෙය, මාස කිහිපයක් පුරා පැවති සාකච්ඡා වලින් අනතුරුව සැලකිය යුතු ඉදිරි පියවරක් සලකුණු කරන බවත් ඇය පවසයි.

“සිය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කිරීමටත් ආර්ථිකය තිරසාර හා ඉහළ වර්ධන මාවතකට යොමු කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් යළිත් සිය අධිෂ්ඨානය පළ කර ඇතැයි එම ප්‍රකාශයේ දැක්වේ.

පසුගිය වසරේ මාර්තු 20වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළේය. වසර 04ක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මකය.

එමෙන්ම මෙරට බලධාරීන් සාකච්ඡාවලින් අනතුරුව බැඳුම්කරහිමියන් සමග ඇතිකරගත් එකඟතාවය ද මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මියගේ පැසසුමට ලක්වුණි.

Share this:
error: Content is protected !!
×