HomeNewsSri Lankan News

ශ්‍රී ලංකාවේ සුළි කුණාටු තත්වයක්

ශ්‍රී ලංකාවේ සුළි කුණාටු තත්වයක්

ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා ද

අග්නිදිග ආසියාව උණුසුම් වෙයි.
පසු ගිය මැයි මාසය, නවසීලන්තයේ උණුසුම්ම මැයි මාසයයි.
Talim සුළි කුණාටුව හේතුවෙන් දකුණු චීනයට හානි.

ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක සිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලට තද වැසි ඇදහැලෙමින් පවතියි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පීඩන අවපාතය මේවන විට මඩකලපුවට කිලෝමීටර 290 ක් සහ ත්‍රීකුණාමලයට කිලෝමීටර 410 ක් පමණ එපිටින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බවයි.

වර්ෂාවෙන් මෙතෙක් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ නැගෙනහිර පළාතට ය. ගතවූ පැය 24දී වැඩිම වර්ෂාපතනය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම අගය මිලිමිටර් 311.1කි. එම පළාතේ ජලාශ රැසක් පිටාරයාම නිසා මාර්ග ගණනාවක ගමනාගමන කටයුතුද ඇනහිට තිබේ.

මේ අතර වැසි තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 15ක පවුල් 22,532ක පුද්ගලයන් 77,670ක් පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. එසේම අපදා අනතුරු හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 821 කට අයත් පුද්ගලායින් 2,770ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇති බවය. එසේම අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 6ක් විනාශ වී ඇති අතර තවත් නිවාස 65කට අර්ධ හානි සිදුව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

එමෙන්ම රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීම සඳහා පැමිණි ගුවන්යානා 06ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ. ඒ කටුනායක අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙනි. 

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි ගුවන්යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ගුවන්යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ. මීට අමතරව ජපානයේ Narita, Dubai සහ ඉන්දියාවේ Chennai සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන්යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කෙරුණි.

Share this:
error: Content is protected !!
×