HomeNewsSri Lankan News

සුගත් තිලකරත්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන රේස් එකට සූදානම්

සුගත් තිලකරත්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන රේස් එකට සූදානම්

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහතා ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (22) වැඩ භාර ගැනී‍මෙන් අන­තු­රුව පැවති මාධ්‍ය හමු­වේදී ප්‍රකාශ කළේ ක්‍රීඩා

ජනපති අනුරගේ විද්‍යා හා තක්ෂණ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ
Sir Edmund Hillary සහ Sherpa Tenzing Norgay එවරස්ට් කන්ද තරණය කර අදට වසර 70කි.
“ලෝක සාමය සඳහා බලපෑම් කළ හැකි බවට බලාපොරොත්තු ඇතිකර හැකි වසරක් ඉදිරියේදී එලැඹෙ” – ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහතා ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (22) වැඩ භාර ගැනී‍මෙන් අන­තු­රුව පැවති මාධ්‍ය හමු­වේදී ප්‍රකාශ කළේ ක්‍රීඩා සංගම් සමඟ ඉතා සහ­යෝ­ග‍යෙන් කට­යුතු කොට ගැටු­ම්ව­ලින් තොර පරි­පා­ල­න­යක් ඇති කිරී­මට අවශ්‍ය පසු­බිම සකස් කිරී­මට බලා­පො­රොත්තු වන බවයි. රටේ ක්‍රීඩාව නඟා සිටු­වී­මට සියලු පාර්ශ්ව එක්විය යුතු බවත්, ඒ වෙනු­වෙන් නිවැ­රදි ක්‍රම­වේද අනු­ග­ම­නය කළ යුතු බවත් තිල­ක­රත්න මහතා පැව­සීය.

එමෙන්ම තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර මහතා දී ඊයේ වැඩ භාර වැඩභාර ගන්නා ලදි.

“ක්‍රීඩාව ඉහ­ළට ඔසවා තැබීම අපේ වග­කී­මයි. ක්‍රීඩාව කියන්නේ ජාතික හා ජාත්‍ය­න්තර තරග ජය­ග්‍ර­හ­ණය කිරීම පම­ණක් නොවෙයි. ක්‍රීඩාව තුළින් විනෝ­දා­ස්වා­දය වගේම රටේ ආර්ථී­ක­යට දාය­ක­ත්ව­යක් ලබා­දිය හැකියි. පාසල තුළින් බිහි­වන දක්ෂ දරුවා ජාත්‍ය­න්තර තලය දක්වා රැගෙන යෑම අපේ වැඩ­පි­ළි­වෙ­ළට අයත්. ඒ නිසා සියලු ක්‍රීඩා සංගම් සමඟ සාකච්ඡා කොට ගැටු­ම­කින් තොර පරි­පා­ල­න­යක් ඇති කිරී­මට සියලු පාර්ශ්ව එක්ව කට­යුතු කළ යුතුයි” සුගත් තිල­ක­රත්න මහතා පැව­සීය.

“සියලු ක්‍රීඩා ගැන අපි අව­ධා­නය යොමු කොට තියෙ­නවා. ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට ඇති අඩු­පාඩු සකස් කොට ඔවුන්ට නිවැ­රදි මාව­තක් බිහි කළ යුතුයි. ගම් මට්ටම දක්වා පහ­සු­කම් ලබා­දී­මට අපේ රජය කැප වෙනවා” තිල­ක­රත්න මහතා සඳ­හන් කළේය.

තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර මහතා සඳ­හන් කළේ පොහො­සත් රටක්; ලස්සන ජීවි­ත­යක් අපේක්ෂා කරන සියලු ශ්‍රී ලාංකි­ක­යන්ගේ පැතුම් ඉටු කිරීම තම රජයේ අපේ­ක්ෂාව බවය. එහිදී තනි තනිව නොව කණ්ඩා­ය­මක් ලෙස ක්‍රියා­ත්මක වී අභි­යෝග ජය ගැනීම සාමූ­හික ප්‍රය­ත්නය බව ගුණ­සේ­කර මහතා සඳ­හන් කළේය.

මේ අව­ස්ථා­වට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා අමා­ත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය (රියර් අද්මි­රාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධාරී පිරි­සක් එක්ව සිටි­යහ.

Share this:
error: Content is protected !!
×