HomeNewsSri Lankan News

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(14) පස්වරු 04 ට අවසන් විය. උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙන්නෙ මෙහෙමයි
නාම යෝජනා භාර ගැනීම අවසන් මහ මැතිවරණ උණුසුම ඇරඹෙයි
ඡන්ද ගණන් කිරීම වෙන්නෙ මෙහෙමයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද(14) පස්වරු 04 ට අවසන් විය. උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව 17,140,354 කි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරුණි.

දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිවරුන් සඳහන් කළේ, අද පස්වරු 03 වන විට ගම්පහ, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, බදුල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා තිබූ බවයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක ඡන්දය ගණන් කිරීම සඳහා ස්ථාපිත කර තිබේ. 80,000ක පමණ නිලධාරීන් සංඛ්‍යාවක් ඡන්දය ගණන් කිරීමේ කටයු සඳහා යොදවා ඇත. පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

Share this:
error: Content is protected !!
×