HomeNewsSri Lankan News

FCDO හි ඉන්දු – පැසිෆික් ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා හමුවෙයි

FCDO හි ඉන්දු – පැසිෆික් ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා හමුවෙයි

FCDO හි ඉන්දු - පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී ටොම

නවක මන්ත්‍රී වැඩමුළුව ඇරඹෙයි, අගමැතිණිය නවක මන්ත්‍රීවරු අමතයි…
මාර්ගගත ආරක්ෂණ පනත ගැසට් කර ඇත
2024 මහ මැතිවරණය සමස්ත ලංකා අවසන් ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රීධූර 159ක් දිනාගනී

FCDO හි ඉන්දු – පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී ටොම් සෝපර් යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා හමුවෙයි. විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු – පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන්පවිස් මහතා සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ප්‍රධානී ටොම් සෝපර් යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා හමුවිය. පසුගියදා (08) පැවති මෙම සුහද සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සමීපව කටයුතු කරන එක්සත් රාජධානියේ රජයේ සහය සමගින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ දායකත්වය පිළිබඳව මෙහිදී පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ඇගයීමට ලක්විය. එලෙස ලබාදුන් සහය තුළින් ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවී ඇති
බවත් සෑම අවස්ථාවකදීම දක්වන්නාවු නොමද සහයෝගයට කෘතඥතාව පළ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම , පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සඳහාද එම සහයෝගය බලාපොරොත්තු වන බව ද ඔහු
තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙහිදී ආචාර්ය බෙන් පවිස් මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා සහ 10 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් පවතින සුදානම පිළිබඳව විමසා සිටියේය. වැඩබලන මහලේකම් සහ සහකාර මහලේකම් යන දෙදෙනාම පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද සුවිශේෂී නීති පිළිබඳ දළ විශ්ලේෂණයක්ල බා දුන් අතර පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය පිළිබඳව ද සවිස්තරාත්මක ලෙස පැහැදිලි කිරිමක් සිදුකරන ලදී. ආංශික අධීක්ෂණ කාරක සභා යාන්ත්‍රණයට තරුණ නියෝජනය එකතු කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරනු ලැබූ අතර, පශ්චාත් ව්‍යවස්ථාදායක විමර්ශන කමිටුවක් පිහිටුවීමට මෙන්ම පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේ කටයුතු ද මේ වන විටත් සිදුවෙමින් පවතින බව චමින්ද කුලරත්න මහතා අවධාරණය කළේය.

මෙහිදී , 10 වැනි පාර්ලිමේන්තුව සඳහා අවශ්‍ය තාක්ෂණික සහය සහ දෙපාර්ශවය අතර සහයෝගීතාවයට අදාළ කරණු රැසක් ද මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සහය දැක්වීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ප්‍රකාශ කළ ආචාර්ය බෙන් පවිස් සහ ටොම් සෝපර් යන මහත්වරුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවශ්‍ය සංවර්ධන සහ තාක්ෂණික සහය ලබාදීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය. රැස්වීමෙන් අනතුරුව ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ද සංචාරයක නිරත විය.

Share this:
error: Content is protected !!
×