HomeNewsSri Lankan News

අභිනව කථානායක ලෙස අචාර්ය අශෝක රංවල මහතා  පත්කෙරේ

අභිනව කථානායක ලෙස අචාර්ය අශෝක රංවල මහතා  පත්කෙරේ

10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා  පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් අභිනව කථා

අලුත් මන්ත්‍රීවරුන්ගෙ වරප්‍රසාද වලට මොකද? වෙන්නෙ
“ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා සම්පත්දායක සංචිතයක් සහ ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කරනවා” – අගමැතිණිය
2024 මහ මැතිවරණය සමස්ත ලංකා අවසන් ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රීධූර 159ක් දිනාගනී

10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා  පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් අභිනව කථානායක ධූරය සඳහා අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබිණි.

දසවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වෛද්‍ය රිස්වි සාලි මහතා තේරී පත් වේ!

එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා හේමාලි වීරසේකර තේරී පත් වේ!

අචාර්ය අශෝක රංවල මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා තරඟ කළ අතර එහිදී ඒ මහතා මනාප 109,332 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 6 වන ස්ථානයට පත්විය.

Share this:
error: Content is protected !!
×