HomeNewsSri Lankan News

විදේශගත අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම ගන්න අවස්ථාවක්

විදේශගත අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම ගන්න අවස්ථාවක්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම්

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ලංකා අධ්‍යාපනයේ අරමුණ ගැන ජනපති පහදයි
නව රජයේ වැඩපිළිවෙලට ඕස්ට්‍රේලියාවේ සහය

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 7ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, Kuwait, Japan හා Qatar තානාපති කාර්යාල, Melbourne in Australia, Toronto in Canada, Milan in Italy, Dubai කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රමවේදය අනුවම විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකි වන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන e- BMD දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට මේවන විට කටයුතු කර තිබේ.

Share this:
error: Content is protected !!
×