HomeNewsSri Lankan News

ලංකා අධ්‍යාපනයේ අරමුණ ගැන ජනපති පහදයි

ලංකා අධ්‍යාපනයේ අරමුණ ගැන ජනපති පහදයි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් සැලසුම් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ

රජය නවෝත්පාදන දිරි ගන්වයි…
ජනපති නියෝගයෙන් ප්‍රභූ ආරක්ෂාව ඉවත් කෙරේ
“Clean Sri Lanka” වෙනුවෙන් ජනපති සමඟ සංගා මහේලත් එක්වෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් සැලසුම් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි අවුරුදු දහය තුළ නව ලෝකයට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමකි. ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනි.

Share this:
error: Content is protected !!
×