HomeNewsSri Lankan News

හෙට ඡන්දෙ කඩාකප්පල් කරන්න හැදුවොත් වෙන්නෙ මේ ටික….

හෙට ඡන්දෙ කඩාකප්පල් කරන්න හැදුවොත් වෙන්නෙ මේ ටික….

හෙට (14) පැවැත්වෙන මහමැතිවරණ ඡන්ද විමසීමේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැ

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
ඡන්ද ගණන් කිරීම වෙන්නෙ මෙහෙමයි
නාම යෝජනා භාර ගැනීම අවසන් මහ මැතිවරණ උණුසුම ඇරඹෙයි

හෙට (14) පැවැත්වෙන මහමැතිවරණ ඡන්ද විමසීමේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R.M.A.L. රත්නායක මහතා පවසයි. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවිය යුතු බවත් සභාපතිවරයා පැවසීය.

මේ වන විට ඡන්දයට අවශ්‍ය ඡන්ද මධ්‍යස්ථාන සඳහා රාජ්‍ය සේවක මහත්ම මහත්මීන් මැතිවරණ රාජකාරි සඳහා පිටත්ව ඇති අතර විශේෂ හමුදා, පොලිස් හා විශේෂ කාර්ය බලකා ආරක්ෂාව සෑම ඡන්ද මධ්‍යස්ථානයකම තහවුරු කර ඇත. දේශීය විදේශීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසන පරිදී අතිශය සාමකාමී අයුරින් මෙවර පූරව මහමැතිවරණ අවධිය ගතවී ඇත.

Share this:
error: Content is protected !!
×