HomeNewsSri Lankan News

“නොවැම්බර් 14 හදන ආණ්ඩුවේ කිසි ඇමති කෙනෙක්ට නිල නිවාස නැහැ” ජනාධිපති

“නොවැම්බර් 14 හදන ආණ්ඩුවේ කිසි ඇමති කෙනෙක්ට නිල නිවාස නැහැ” ජනාධිපති

නොවැම්බර් 14න් පසු හදන ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට කොළඹින් නිවාස නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. “නොවැම්බර් මාසෙ 14න් පසු විසිපහට අඩ

“ලංකාව ගැන සතුටුයි ඉදිරියටත් දෙරටේ සහයෝගය තුළින් සංවර්ධනය උදෙසා වැඩකරමු”- එමීර් රාජ්‍යයේ උප ජනාධිපති
ජනපති අනුර, ලෝක රාජ්‍ය සමුළුව අමතයි
වාහන ආනයන සීමා ලිහිල් කෙරේ

නොවැම්බර් 14න් පසු හදන ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට කොළඹින් නිවාස නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. “නොවැම්බර් මාසෙ 14න් පසු විසිපහට අඩු කැබිනට් මණ්ඩලයක් හදනවා. ඇමැතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද විශාල ප්‍රමාණයකින් කප්පාදු කරනවා. ඇමැතිවරයා මහජන සේවකයකු බවට පරිවර්තනය කරනවා.

ඒ ඒ විෂයන් පිළිබඳවඅත්දැකීම් තිබෙන, අවබෝධය තිබෙන කණ්ඩායමකින් කැබිනට් මණ්ඩලය සමන්විතයි. ඊට පස්සෙ පාර්ලිමේන්තුවට පත්වන අනෙකුත් මන්ත්‍රීවරුන්ට ඒ අමාත්‍යාංශ සඳහා ඔවුන්ගේ දායකත්වය ස්වේච්ඡාවෙන් ලබා දෙන්න පුළුවන් යන්ත්‍රණයක් අප හදනවා. හැම මන්ත්‍රීවරයාම මේ රට ගොඩනැඟීමේ කාර්යභාරය සඳහා පුරුකක් බවට පත්කරන කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් තමයි මෙම 14න් පසුව ගොඩනැඟෙන්නෙ. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය මාතරදී සංවිධාන කළ ජන රැලියකට පෙරේදා (30) සහභාගි වෙමිනි.

Share this:
error: Content is protected !!
×