HomeNewsSri Lankan News

ශ්‍රී ලංකාවේ චීන තානාපති හදිසියේම ජනපති අනුර හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති හදිසියේම ජනපති අනුර හමුවෙයි

හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. එම  මුදල නිල වශයෙ

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ආධාර
ජනපති අනුර ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ට ඇවිත්
අභිනව ජනාධිපති දිව්රුම් දෙයි

හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. එම  මුදල නිල වශයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි භාර දුන්නේය.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

පසුගිය දා ඇති වූ අධික වැසි හේතුවෙන් පළාත් කිහිපයක සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය. ඉන් පවුල් දහස් ගණනක් අවතැන් විය.

Share this:
error: Content is protected !!
×