HomeNewsSri Lankan News

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.ආර්ථික ව

ෆොන්ටෙරා සමාගම තම කර්මාන්තශාලාවක් පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 75 ක් ආයෝජනය කරයි
දස වසරකට පසු මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීම තුළින් තවත් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වෙනවා
ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන නම් කෙරේ

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් යන අංශවලින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම රජයේ අපේක්ෂාවයි. පුරවැසියන් සවිබල ගැන්වීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ස්ථාපිත කිරීම මඟින් බහු-ආංශික ඩිජිටල් පරිවර්තනයක් සඳහා රජය දැඩිව කැප වී සිටියි.

ඒ අනුව, වේගවත් ඩිජිටල් ආර්ථිකයකට සහ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට තුඩු දෙන ආර්ථික හා සමාජ සංවර්ධනයට අදාළ සාම්ප්‍රදායික සංවර්ධන අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකි වන පරිදි නවීන තාක්‍ෂණය භාවිත කිරීමට රජය සැලසුම් කර තිබේ. ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ පත්වීම ඉහත දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා වන ප්‍රධාන පියවරක් බව ජනාධිපති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

Share this:
error: Content is protected !!
×