ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පොපි
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පොපි මල පැළඳවීම සේවා මුක්ත භට සංගමයේ උප ලේකම් මන්ත්‍රී කොස්වත්ත මහත්මිය විසින් අද (30) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කළාය.
පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත හමුදා නිළධාරීන්ගේ සුභසාධනය සඳහා වෙන් කෙරේ. පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී මියගිය හමුදා සාමාජිකයින් අනුස්මරණය කරමින් පොපි සැමරුම සිදුකරන අතර, ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි.
විශ්‍රාමික හා ආබාධිත හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් පොපිමලක් පළදින ලෙස මෙහිදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.