HomeNewsSri Lankan News

මහ මැතිවරණ තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන්

මහ මැතිවරණ තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන්

මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ විය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කා

දිනේෂ් ප්‍රියන්තට තවත් රන් පදක්කමක්
නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා නව සෞඛ්‍ය ඉලක්ක ප්‍රකාශයට පත් කරයි
නවසීලන්තයේ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක්වූවන්ට විවාහයන්ගෙන් මිදීමට උදව් වන නව දික්කසාද නීතිය

මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ විය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අදාළ දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. එමෙන්ම තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ආයතන හැඳුනුම්පත භාවිත කළ නොහැකි බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

Share this:
error: Content is protected !!
×