HomeNewsSri Lankan News

ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්.

ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්.

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) දින අග්‍රා

SATA 2023 සම්මාන උළෙලේදී විශාල ජයග්‍රහණයක් Sri Lankan Airlines ලබාගනී
ඕක්ලන්ඩ් ගුවන් තොටුපළේ ඩොලර් බිලියන 3.9 ප්‍රතිසංවර්ධනයක් ගුවන් සේවා ගාස්තු ඉහළ යන ලකුණු
Krystyna Pyszková ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳයි

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.

2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වෙන සය වන ලෝක කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් කළමණාකරු සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරය සදහා රුපියල් මිලියන 5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දෙන අතර එය සංකේතාත්මකව ප්‍රදානය කිරීමට එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

කණ්ඩායම් කළමණාකරු ලෙස රනිල් අබේසිංහ මහතා කටයුතු කරන අතර, මොහොමඩ් ෂහීඩ්, අනාස් අහමඩ්, කවීන් නිම්නෙත් පීරිස්, දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ද, ජෝසප් රෝෂිතා වඩුගේ, හිරුෂි මල්ෂානි පීරිස්, තරුෂි හිමහන්සිකා වීරසේකර, තස්මිලා කාවින්දි යන ක්‍රීඩිකාවන් ද තරගාවලිය සදහා සහභාගී වේ.

කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අග්‍රාමාත්‍යවරිය ජයග්‍රහණය උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබ පැතුම් එක් කළාය.

Share this:
error: Content is protected !!
×