සියලුම දුම්රිය සේවකයින්ට ඔවුන්ගේ පදිංචි ප්‍රදේශය සහ සේවා ස්ථානය අතර භාවිතා කිරීම සඳහා නොමිලේ දුම්රිය ගමන් බලපත්‍රයක් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කර ඇති බවයි. දුම්රිය සේවකයින් නිරන්තරයෙන් මහජනතාවගේ විවේචනයට ලක්වන බව පෙන්වා දුන් ප්‍රවාහන අමාත්‍යාංශය මෙම තත්ත්වය වෙනස් කිරීමේ පියවරක් ලෙස නව ගමන් බලපත්‍රය ලබා දෙන බව ප්‍රකාශ කළේය. රටේ ආර්ථිකයට ප්රතිලාභ සැලසිය හැකි බැවින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සියලුම දුම්රිය සේවකයින් දිරිමත් කිරීමට ද අදහස් කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.