HomeNewsSri Lankan News

යුරෝපා සංගමයෙන් ලංකාවේ දියුණුවට සහය වන බවට ප්‍රතිඥා

යුරෝපා සංගමයෙන් ලංකාවේ දියුණුවට සහය වන බවට ප්‍රතිඥා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මේ සඳහා යුරෝපා සංගමයේ තානාපති Carmen Moreno

තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති
ජනපති අනුර, එමීර් රාජ්‍යයට ගොඩබසී, විදේශ ඇමතිගෙන් උණුසුම් පිළිගැනීමක්
සංචාරකයින් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා වන බදු නැවත ලබා දීමේ පද්ධතියක් (VAT REFUND SYSTEM) සමඟින් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මේ සඳහා යුරෝපා සංගමයේ තානාපති Carmen Moreno ද සහභාගි වූ අතර ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද ඔවුන්ව දැනුවත් කළේය. සංචාරකයින් සහ පදිංචිකරුවන් සඳහා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගත් විශේෂ ආරක්ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා වැඩිදුරටත් පිරිස දැනුවත් කළේය.

යුරෝපා සංගමය ලංකාව සඳහා තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර දෙවන විශාලතම අපනයන වෙළඳපළ ද වේ. යුරෝපා සංගම් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට සිය වෙළඳපළ පුළුල් කර ගැනීමට, රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම, සංචාරක ව්‍යාපාරය නංවාලීම සහ අධ්‍යාපනයේ නව යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය වැඩිදුරටත් ජනාධිපතිවරයා හා එකඟ විය.

Share this:
error: Content is protected !!
×