ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) රටවල් කිහිපයක රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු මුණගැසීමට නියමිතයි. දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) රටවල් කිහිපයක රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු මුණගැසීමට නියමිතයි. දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එම රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවල අරමුණයි.