HomeSri Lankan News

පැරා ජයග්‍රාහකයෝ මවුබිමට

පැරා ජයග්‍රාහකයෝ මවුබිමට

මොරොක්කෝ රාජ්‍යයේ මරකාස් නුවර  පැවති 04 වන ලෝක පැරා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 02 ක්

පාකිස්ථානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස Grant Bradburn නම් කෙරේ.
2024 පැරිස් ඔලිම්පික් සඳහා AI නිරීක්ෂණ මෙවලම් යොදාගැනීමට ප්‍රංශ බලධාරීන් සැරසේ.
T20 තරඟාවලිය ජය නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට

මොරොක්කෝ රාජ්‍යයේ මරකාස් නුවර  පැවති 04 වන ලෝක පැරා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද (01 )දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය ඉකුත් 04/26 දින සිට 04/28 දින දක්වා ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී ජනනි ධනංජනා ටී.- 47 කාණ්ඩයේ තරග කරමින් මීටර් 100 ධාවන ඉසව්ව සදහා සහ සමිත දුලාන් ටී.- 44 කාණ්ඩය යටතේ තරග කරමින් හෙල්ල විසි කිරීම සදහා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම ප්‍රදීප් සෝමසිරි ටී.- 46 කාණ්ඩයේ මීටර් 1,500 ධාවන ඉසව්ව සදහා ද , අනිල් ජයලත් ටී.- 42 කාණ්ඩයේ මීටර් 100 ධාවන ඉසව්ව සදහා සහ ජනනි  ධනංජනා ටී.47 කාණ්ඩය යටතේ දුර පැනීමේ ඉසව්ව සදහා ද රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම තරගාවලියේ දී බුද්ධික ඉන්ද්‍රපාළ ටී.- 42 කාණ්ඩය යටතේ පැවති මීටර් 100 ධාවන ඉසව්ව සදහා ද කුමුදු ප්‍රියංකා ටී.- 46 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්ව සදහා ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම ශ්‍රී ලංකා පැරා මළළ ක්‍රීඩා කණ්ඩායම මෙම වසර තුළ පැවැත්වීමට නියමිත ජපානයේ ටෝකියෝ නුවර  පැරා ඔලිම්පික් ලෝක ශූරතා තරගාවලියට සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගාවලිය සදහා ඉදිරිපත් වීමට නියමිතය.

Share this:
error: Content is protected !!