HomeNewsSri Lankan News

2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් උන්මාදය අවසන්.

2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් උන්මාදය අවසන්.

ජූලි 30 වන දා සිට ආරම්භ වූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පසුගිය ඉරිදා අවසන් වුණා. තරඟකාරී කණ්ඩායම් 5ක් සති 3කට ආසන්න කාලයක් උද්වේගකර තරඟමාලා

නවසීලන්ත පොලිසිය විසින් ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් හි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 24 අත්අඩංගුවට ගනියි.
Friends ටෙලිකතා මාලාවේ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වෙයි.
නවසීලන්ත 2023 අයවැය හි විශේෂ අවස්ථා

ජූලි 30 වන දා සිට ආරම්භ වූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පසුගිය ඉරිදා අවසන් වුණා. තරඟකාරී කණ්ඩායම් 5ක් සති 3කට ආසන්න කාලයක් උද්වේගකර තරඟමාලාවකින් පසු අවසාන මහා තරඟයට දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම සුදුසුකම් ලබාගනු ලැබුවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 147 ලබා ගත්තේය.

ඒ අනුව, තරගය ජයගැනීම සඳහා බී ලව් කැන්ඩි කණ්ඩායමට හිමිවු ඉලක්කය ලකුණු 148 කි.

දඹුල්ල අවුරා කණ්ඩායමේ ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු 40 ලබා ගත් අතර සධීර සමරවික්‍රම පන්දු 30 කදී ලකුණු 36ක් ලබා ගත්තේය.

කුසල් පෙරේරා නොදැවී පන්දු 25කට ලකුණු 31 ක් රැස් කළේය.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 25 කදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ලකුණු 151ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් පන්දු 37කදී ලකුණු 44ක් ලබා ගත් අතර මොහොමඩ් හාරිස් පන්දු 22කට ලකුණු 26ක් රැස් කළේය.

දඹුල්ල අවුරා කණ්ඩායමේ නූර් අහමඩ් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

මෙවර අවසන් මහ තරඟයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන හිමිකරගත් අතර තරඟාවලිය පුරා ලකුණු 219ක් සහ කඩුළු 19ක් ලබාගත් වනිදු හසරංග තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීය.

Share this:
error: Content is protected !!