HomeSri Lankan News

ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව අන්ත පරාජයකට ලක්වේ

ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව අන්ත පරාජයකට ලක්වේ

ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව වටයෙන් ජයග්‍රහණය අත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුක

බොඳවී යන ශ්‍රී ලංකා ICC ලෝක ශූරතාවය ?
Auckand CBD ගිලා බැසීමක් අසල ව්‍යාපාර වලට දැඩි පාඩුවක්…
පළමු ශ්‍රී ලාංකික ද්විත්ව ශතක ලාභියා – පැතුම් නිස්සංක

ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව වටයෙන් ජයග්‍රහණය අත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඊයේ කොළඹ තුරඟ තරග පිටියේ විදුලි ආලෝකධාරා මැද පැවැති මේ තරගයේ පළමු භාගය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 21-3කින් පෙරමුණ ගත් අතර, තරගය නිමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 45-10ක ජයක් අත්කර දෙමිනි. සුහිරූ ඇන්තනීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී කසකස්තාන පිල සමඟ තරග වැදීමට නියමිතය. කසකස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඊයේ පස්වරුවේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 33-31කින් කටාර් රාජ්‍ය පිල පරාජය කරමිනි. ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර අවසන් මහා තරගය ලබන 4 වැනිදා රාත්‍රී 7.00ට තුරඟ තරග පිටියේදීම පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර එදිනම පස්වරු 4.00ට තුන්වැනි ස්ථානය සඳහා කටාර් රාජ්‍ය පිල සහ ඉන්දියාව තරග වැදීමට නියමිතය.

Share this:
error: Content is protected !!
×