නවසීලන්තයේ භූමිකම්පා ඇතිවන්නේ භූ තැටි චලනය වීමෙන් පෘථිවි පෘෂ්ඨයේ ඇති වන දෝෂ නිසාය. ඕස්ට්‍රේලියානු භූ තැටිය සහ පැසිෆික් භූ තැටිය අතර පවතින මෙරට, එම තහ
නවසීලන්තයේ භූමිකම්පා ඇතිවන්නේ භූ තැටි චලනය වීමෙන් පෘථිවි පෘෂ්ඨයේ ඇති වන දෝෂ නිසාය. ඕස්ට්‍රේලියානු භූ තැටිය සහ පැසිෆික් භූ තැටිය අතර පවතින මෙරට, එම තහඩු එකිනෙක ගැටීමේදී ඇතිවන ආතතිය මතුපිට පෘෂ්ඨයේ ඉරිතැලීම් දිගේ හදිසියේම මුදා හරිනු ලැබේ. මෙලෙස ඇතිවන භූමිකම්පා වල තීව්‍රතාවය මත භුමිය විවිධ ආකාරයන්ට චලනය වේ. භූමිකම්පා වලදී මතුපිට පෘෂ්ඨයේ ඉරිතැලීම් චලනය වන ආකාරය තේරුම් ගැනීමට විද්‍යාඥයන් focal mechanisms වැනි මෙවලම් භාවිතා කරයි.
LiDAR (Light Detection and Ranging) තාක්ෂණය හරහා, සෙවීමට අපහසු, ඉතා කුඩා චලනයන් පවා ස්ථානගත කිරීමට සහ සිතියම්ගත කිරීමට වර්තමානයේ ඉඩ ලැබී ඇත. නවසීලන්තයේ විශාල භූමිකම්පා ඇති කළ හැකි සිතියම්ගත ඉරිතැලීම් 500කට වඩා තිබේ. එසේම, අවදානමක් ඇති කළ හැකි සොයා නොගත් ඉරිතැලීම් තවමත් පවතින බව භූ විද්‍යාඥයන් පවසයි.
කෙසේවුවත් භූමිකම්පාවකදී, ආරක්ෂක උපදෙස් පිළිපැදීම වැදගත් වේ: Drop- Cover- Hold යනු ඔබ පිළිපැදිය යුතු සරල පියවරයන්ය. එසේම ප්‍රභල, දීගුකාලීන භූමිකම්පාවක් අතරතුර වෙරළ ආසන්නයේ නම්, සුනාමියෙන් ආරක්ෂා වීමට උස් බිම් වෙත යායුතු වේ. අවශ්‍ය කරන සියලු උපදෙස් සහ වැඩිදුර විස්තර National Emergency Management Agency හරහා ඔබට ලබාගත හැක.