HomeNew Zealand

මේ scam වලට අහුවෙන්න එපා!

මේ scam වලට අහුවෙන්න එපා!

ආගමන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට අනුව නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ලියවිලි නිකුත් කර වීසා සඳහා මුදල් ලබාගන්නා වංචා සිදුවෙමින් පවතී. මෙයට වංච

11 වැනි ලෝක බෞද්ධ සංඝ සභාව ඕක්ලන්ඩ් නුවරදී රැස්වේ
නවසීලන්තය ශ්‍රී ලංකාවේ ජාතික දිනය උණුසුම්ව සහ සහයෝගීතාවයෙන් සමරයි
නවසීලන්ත කෙසෙල් වලට හොඳ කලක්…

ආගමන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට අනුව නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ලියවිලි නිකුත් කර වීසා සඳහා මුදල් ලබාගන්නා වංචා සිදුවෙමින් පවතී. මෙයට වංචනික ඒජන්තයින් සහ නවසීලන්ත සේවා යෝජකයින් රැසක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. ඔවුන් සමහරක් මෙම ලියවිලි සඳහා Oprah Winfreyගේ අත්සනත්, හිටපු සහකාර ආගමන ඇමති Poto Williamsගේ නිල ලාංජනයට අතිශයින් සමාන ලකුණක් යොදාගෙන ඇති බවට කරුණු වාර්තා වේ.

ඕක්ලන්ඩ් හි පිහිටි ආගමන උපදේශකයෙකු වන බ්‍රැන්ඩන් හැන්, රැකියා විකිණීමේ මේ වංචනික ක්‍රියාවලට ඇති නීතිමය බාධා මඟ හැරීමට අතරමැදියෙකු යොදා ගනිමින් සුක්ෂම ලෙස නීතිවිරෝධී කටයුතු සිදුවෙන බව පවසයි. සමහර සංක්‍රමණිකයන් සරණාගත තත්ත්වය මවාපාමින් කතන්දර ගොතන අතර, එය සරණාගත ඉල්ලීම් ඉහළ යාමට දායක වී ඇත. ආගමන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් මෙම අසත්‍ය, වංචාසහගත ක්‍රියාවන් අඩු කිරීමේ අරමුණින් කටයුතු කරයමින් සිටියි.

ව්‍යාපාර, නවෝත්පාදන සහ රැකියා අමාත්‍යාංශය The Ministry of Business, Innovation and Employment (MBIE) මෙලෙස සේවා යෝජකයන්ට එරෙහිව බොහෝ පැමිණිලි විමර්ශනය කරයන අතර දැනටමත් එම පැමිණිලි විභාග කිරීමේ ප්‍රතිපලයක් ලෙස 180කට අධික සේවා යෝජකයන්ට නව සේවකයන් බඳවා ගැනීමේ වරප්‍රසාද අහිමි වී ඇත. තවත් සිද්ධීන් 183ක් සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරමින් පවතියි. මෙම වංචාවට එරෙහිව සටන් කිරීම සඳහා නව ක්‍රම හඳුන්වා දී ඇති නමුත් ඒ හරහා වීසා බලපත්‍ර සැකසීමේ කාලය සති හයක් දක්වා දිගු වී ඇත.

Share this:
error: Content is protected !!
×