HomeNew Zealand

නවසීලන්තයේ සතුට අඩුවෙයි?

නවසීලන්තයේ සතුට අඩුවෙයි?

නවසීලන්තය තවදුරටත් සතුටින්ම සිටින රටවල් 10 අතරට නොසිටින බව නවතම World Happiness Report දත්ත පවසයි. පෙර වසරේදී 10වන ස්ථානයේ සිටි මෙරට, එකොළොස් වැනි ස්

ඔබේ දත්ත සොරාගත්තොත්???
වයිරරාපා ප්‍රජාවට නුපුරුදු ශ්‍රී ලාංකිකයාගේ විශිෂ්ඨ දස්කම්…
අතුරුදන් වූ පිහිනුම්කරුගේ සිරුර ඕක්ලන්ඩ් වෙරළෙන් හමුවෙයි: හිරාන් ජෝශප් යැයි විශ්වාස කෙරේ

නවසීලන්තය තවදුරටත් සතුටින්ම සිටින රටවල් 10 අතරට නොසිටින බව නවතම World Happiness Report දත්ත පවසයි. පෙර වසරේදී 10වන ස්ථානයේ සිටි මෙරට, එකොළොස් වැනි ස්ථානය දක්වා පහත වැටුනු අතර ඔස්ට්‍රේලියාව අංක 10 ස්ථානයට පත්වී ඇත. මෙම වාර්තාව සඳහා රටවල් 140 ක පුද්ගලයන්ගේ ජීවන තත්ව, ආදායම, සෞඛ්‍යය, නිදහස සහ රටේ වංචා දූෂණ වැනි කරුණු එහි සලකා බලන ලදී.

සමස්තයක් වශයෙන් ගත් කල, නවසීලන්තය සතුටින්ම සිටින රටවල් අතර එකොළොස්වන ස්ථානයට පත්වුවත් අවුරුදු 30ට අඩු පුද්ගලයින්ගේ සතුටු දර්ශකයේ 27 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. කෙසේ වෙතත්, වයස අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස් අතර නවසීලන්ත ජාතිකයන් ලොව පුරා සතුටින්ම සිටින ජාතීන් අතර හයවන ස්ථානයට පත්ව ඇත. ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවලට ද මෙයට සමාන ප්‍රතිඵල දැකිය හැකි විය.

ෆින්ලන්තය පිට පිටම හත්වැනි වසරටත් සතුටින්ම සිටින රට ලෙස නම් කෙරිණි. ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය සහ ඊශ්‍රායලය පළමු පස් දෙනා අතරට පැමිණ ඇත. මෑත කාලයේ ගැටුම් හටගෙන ඇති ඊශ්‍රායලයට ඉහල ස්ථානයක් හිමිවුයේ මෙම දර්ශකය සැකසීමේදී පසුගිය වසර තුනක ලකුණු දෙස බැලීම නිසා බව පර්යේෂකයෝ සඳහන් කළහ.

ලොව ප්‍රීතිමත්ම රටවල් 20

  1. Finland
  2. Denmark
  3. Iceland
  4. Sweden
  5. Israel
  6. Netherlands
  7. Norway
  8. Luxembourg
  9. Switzerland
  10. Australia
  11. New Zealand
  12. Costa Rica
  13. Kuwait
  14. Austria
  15. Canada
  16. Belgium
  17. Ireland
  18. Czechia
  19. Lithuania
  20. United Kingdom
Share this:
error: Content is protected !!
×