HomeNewsNew Zealand News

ඔබේ දත්ත සොරාගත්තොත්???

ඔබේ දත්ත සොරාගත්තොත්???

MediaWorks වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් පුද්ගලයන් 400,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති අතර, ඔවුන්ගේ පුද්ගලික තොරතුරු අනවසර තෙවන පාර්ශවයකට අතට

නවසීලන්තය ශ්‍රී ලංකාවේ ජාතික දිනය උණුසුම්ව සහ සහයෝගීතාවයෙන් සමරයි
11 වැනි ලෝක බෞද්ධ සංඝ සභාව ඕක්ලන්ඩ් නුවරදී රැස්වේ
නවසීලන්තයේ දේපල වෙලඳපොල වර්ධනයක්!

MediaWorks වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් පුද්ගලයන් 400,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති අතර, ඔවුන්ගේ පුද්ගලික තොරතුරු අනවසර තෙවන පාර්ශවයකට අතට පත්වී ඇත. නම්, උපන් දින, ලිපිනයන් සහ සම්බන්ධතා තොරතුරු ඇතුළු තොරතුරු 2016 දක්වා දිවෙන ඔන්ලයින් තරඟ දත්ත ගබඩාවකින් ලබාගෙන ඇති අතර මෙම සිදුවීම මාර්තු 15 වන දින වාර්තා කරන ලද අතර, MediaWorks විසින් බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 403,000 ලෙස පැහැදිලි කර ඇත.

හඳුනා නොගත් පිරිසක් සිදුකල මෙම අනවසර ක්‍රියාව සිදුවුයේ සමාගමේ තොරතුරු තාක්ෂණ පද්ධතියේ ඇති යම්කිසි දුර්වලතාවයක් හේතුවෙනි. එනිසා දැනටමත් MediaWorks තමාගේ පද්ධති සමාලෝචනය කරමින් සිටී. සොරාකෑමට ලක් වූ දත්තවල මුරපද හෝ මූල්‍ය තොරතුරු වැනි සංවේදී තොරතුරු ඇතුළත් නොවූවත්, ප්‍රහාරකයින් විසින් කරන ලද ඕනෑම කප්පම් ඉල්ලීමක් ගෙවීමට එරෙහිවන ලෙස MediaWorks දන්වා සිටියි.

මෙලෙස මහා පරිමාණයෙන් සිදුවන දත්ත සොරකම් වලින් පසුව සිදුවිය හැකි phishing scams හරහා සංවේදී තොරතුරු ලබා නොදීමට ජනතාව ප්‍රවේශම් විය යුතුය. සයිබර් ආරක්ෂණ විශේෂඥයින් විවිධ ගිණුම් සඳහා විවිධ මුරපද භාවිතා කිරීම සහ අමතර ආරක්ෂාව සඳහා two-factor authentication සක්‍රීය කිරීම නිර්දේශ කරයි. කෙසේ වුවත් Privacy Act යටතේ, සැමවිටම හැකි අවම මට්ටමින් පුද්ගලික තොරතුරු රැස්කිරීමටත් පාරිභෝගික දත්ත රහස්‍යතාව ආරක්ෂා කිරීමට නියෝජිතායතන බැඳී සිටී.

Share this:
error: Content is protected !!
×