HomeNew Zealand News

නවසීලන්තයේ වයස

නවසීලන්තයේ වයස

නවසීලන්තයේ භූමිය අප සිතුවාට වඩා පැරණි විය හැකි බව දන්නවද? භූ විද්‍යාඥයින් දෙදෙනෙකු වන Dr. Chris Adams සහ Dr. Ross Ramsay පාෂාණවල ඇති කුඩා සර්කෝන් zir

උණුසුම් වන උණුසුම
පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන “ලකේගල”
පුරෝගාමී කඩොලාන පරිසර පද්ධතිය පුනර්ජීවනය සඳහා ශ්‍රී ලංකාවට සම්මානයක් …

නවසීලන්තයේ භූමිය අප සිතුවාට වඩා පැරණි විය හැකි බව දන්නවද? භූ විද්‍යාඥයින් දෙදෙනෙකු වන Dr. Chris Adams සහ Dr. Ross Ramsay පාෂාණවල ඇති කුඩා සර්කෝන් zircon ඛනිජ අධ්‍යයනය කිරීමෙන් ලබාගත් නවතම දත්ත වලට අනුව සමහර කොටස් වසර බිලියන 3කට වඩා පැරණි විය හැකි බව වාර්තා වේ. මෙම සර්කෝන් ඉතා පැරණි වන අතර ඒවා සොයාගනු ලැබුවේ ටකාකා Tākaka නම් ප්‍රදේශයෙන්. මීට පෙර, විද්‍යාඥයින් විශ්වාස කලේ නවසීලන්තය භූ විද්‍යාත්මකව ගත් කල ඉතා තරුණ බවයි. නමුත් මෙම සර්කෝන් දත්ත පෙන්නුම් කරන්නේ අනෙකුත් විශාල මහාද්වීපවල මෙන් නවසිලන්තය් භුමියේද සැබවින්ම පැරණි කොටස් කිහිපයක් ඇති බවයි.

භූ විද්‍යාඥයන්ට අනුව වර්තමාන නවසීලන්තය අයත්වන භූමිය අතීතයේ සේලන්ඩියා Zealandia නම් ප්‍රදේශයකට අයත්ව තිබුණි. ඒ අනුව සේලන්ඩියා වසර බිලියන 1ක් තරම් පැරණි බව පොදු පිළිගැනීම විය. (පෘතුවී ගෝලය වසර බිලියන 3.5ක් පැරණිය.) නමුත් මෙම වාර්තා වලට අනුව සේලන්ඩියා වසර බිලියන 2.5ක් වත් පැරණි බව සනාථ වේ.

නවසීලන්තයේ වයස

Share this:
error: Content is protected !!
×