ලකේගල කන්ද ශ්‍රී ලංකාවේ කොළඹ අගනුවර සිට කිලෝමීටර් 175 (සැතපුම් 109) පමණ දුරින් පිහිටා ඇත. මෙම කන්ද පිහිටා ඇත්තේ මීමුරේ ගම්මානයේය.
එය මහනුවර දිස්ත්‍රික්කයට සහ මාතලේ දිස්ත්‍රික්කය අතර පිහිටා ඇත. ලකේගලට පිවිසීමට මාර්ග කිහිපයක් පැවතියද ආරක්ෂිතම මාර්ගය වන්නේ මීමුරේ ගම්මානය හරහා ඇති මාර්ගයයි. ලකේගල ගල් තුනක පිහිටීමක් ඇති අතර ඒවානම් මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාරංගමුව, නාරංගමුවේ ලකේගල නොහොත් කොමලෑවේ ගල වන අතර අනෙක මීරියගොල්ල ලෙසද දැක්විය හැකිය. පර්වතය මීටර් 1310 ක් පමණ උස වන අතර එය “දුම්බර මිටියාවත” නකල්ස් කඳුවැටියේ පිහිටා ඇත. ආචාර්‍ය මිරැන්ඩෝගේ ලිපිවල ලකේගල මධ්‍යයේ ගුහා දෙකක් ඇති බව සඳහන් වේ.
ඇතැම් ගම්වාසීන් පවසන අන්දමට එක ගුහාවක සමහර පොහොය දින වලදී ගල් දොරක් විවෘත වන බවත් ඉන් පිටතට විවිධ ආකාරයේ ගායන සහ වාදන හඬ කීප දෙනෙකුට පමණක් ඇසී ඇත. ලොවක් පුදුම කළ ලකේගල ඇතැම් විට රාවනාගේ නිර්මාණයක් විය හැකි බවටත් එය දඬු මොණරය ගොඩ බැස්සීමට හැකි ලෙස යුධ ශිල්ප ක්‍රම මගින් පාලනය කර බවටත් ජනප්‍රවාද වල ඇත. තවද ලකේගල එක්වරක් බලා අඩි දහයක් පමණ ඉදිරියට ගොස් නැවතත් හැරී බැලූ විට එහි තිබූ හැඩය වෙනස්ව දිස්වන බවද පැවසෙයි. මෙලෙස ගත් විට එකල රජවරුන්ගේ යුධ උපක්‍රමයක් වූ ස්වභාවික මායා ක්‍රමය මෙහි ගැබ්වූ නිසා රාවනා රජු මෙය ස්වභාවික බලකොටුවක් ලෙසද යොදාගත් බව පැවසේ. මෙහි සිටින ජනතාවගේ දේහ ලක්ෂණ තුලින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබෙන අතර ඔවුන් අදටත් අදහනුයේ රාවනා දෙවියන්ය. පැරණි රාවනා කවි ඔවුන් අදටත් කටපාඩමින් කියයි. අදටත් ඔවුන් අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ නොනැසී පවතියි.
COMMENTS