2023 දී ලෝක උෂ්ණත්වය පෙර වසරට සාපේක්ෂව 1.5 ° C කින් ඉහල ගොස් ඇති ඇත. එය නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක් පැරිස් සමුළුවේදී එකඟතාවයකට පැමිණි ප්‍රමාණයට වඩා
2023 දී ලෝක උෂ්ණත්වය පෙර වසරට සාපේක්ෂව 1.5 ° C කින් ඉහල ගොස් ඇති ඇත. එය නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක් පැරිස් සමුළුවේදී එකඟතාවයකට පැමිණි ප්‍රමාණයට වඩා ඉහල අගයකි. දේශගුණ විද්‍යාඥ නතානෙල් මෙලියා අවධාරණය කරන්නේ උෂ්ණත්වය ඉහළ යන සෑම දශමයක්ම පෘතුවි ජිවින්ට දරුණු ප්‍රතිවිපාක ඇති කරන බවයි.
නවසීලන්තය එහි වාර්තාගත දෙවන උණුසුම්ම වසරට පසුගිය වසරේ මුහුණ දුන් අතර, 2020-23 නවසීලන්තය පසුකල උණුසුම්ම තෙවසර ලෙස පරිසරවේදීන් හදුනාගෙන ඇත. කෙසේවෙතත් මෙලෙස උච්චාවචනය වන උෂ්ණත්වය ඉදිරි දශකය තුළ සාමාන්ය තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
COVID-19 සහ La Niña තත්ත්‍වයන් හේතුවෙන් පසුගිය වසරවල මදක් උෂ්නත්වය යටපත් වූ නමුත් එම තත්වයේ පහව යාමත් සමග උෂ්ණත්වය යලි වේගයෙන් ඉහල යමින් පවතියි. එසේම, වායු දූෂණය අවම කිරීමට ගන්නා සමහරක් උත්සාහයන්ද ලෝක උෂ්ණත්වය තාවකාලිකව ඉහළ යැමට බලපා ඇත. එල් නිනෝගේ බලපෑම සහ දැනට පවතින ෆොසිල ඉන්ධන විමෝචනය සමඟ, තවත් වාර්තාගත ඉහල උෂ්ණත්වයක් 2024 වසරේදීද අත්විඳීමට සිදුවනු ඇති විද්‍යාඥයින් මත පළකරයි.