HomeEducation

නවසීලන්ත රජයේ පාසැල් වලට මුදල් ගෙවන්න ඕනෙද?

නවසීලන්ත රජයේ පාසැල් වලට මුදල් ගෙවන්න ඕනෙද?

ජාත්‍යන්තර සිසුන් නොවන, වයස අවරුදු 5-19 දක්වා වන දරුවන් සැමට නවසිලන්ත රජයේ පාසල් වලින් නොමිලේ අධ්‍යාපනය ලබාගත හැකි වන නමුත්, දෙමාපියන් වන ඔබ සමහර අවස

ඔබත් කුඩා දරුවෙක් සිටින මවක් පියෙක්ද? සමබර දරුවෙක් නිර්මාණය කිරීමේ රහස මෙන්න…
දුලාරි ගෝනවල ඕස්ට්‍රේලියාවේ ඉහළම ගුරු සම්මානයෙන් පිදුම් ලබයි.
ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ගෙන් YouTube හි AI බලයෙන් ක්‍රියා කරන හඬකැවීම් මෙවලමක්…

ජාත්‍යන්තර සිසුන් නොවන, වයස අවරුදු 5-19 දක්වා වන දරුවන් සැමට නවසිලන්ත රජයේ පාසල් වලින් නොමිලේ අධ්‍යාපනය ලබාගත හැකි වන නමුත්, දෙමාපියන් වන ඔබ සමහර අවස්ථා වලදී මේ රජයේ පාසල් හරහා සිදුවන මුදල් අයකර ගැනීම් වලට මුහුණ දී ඇති. මේ ලිපියෙන් කතාකරන්නේ ඒ සම්බන්ධවයි.

නවසීලන්තයේ, පාසල් කඳවුරු හැර, දෙමාපියන්ගෙන් අමතර මුදල් නොඉල්ලන්නේ නම් පාසල්වලට රජයෙන් එක් සිසුවෙකුට ඩොලර් 154.12ක් ලැබේ. මෙම අරමුදල් නොලැබෙන සමහර පාසල්වලට ආධාර ඉල්ලා සිටිය හැක.

නවසීලන්තයේ පාසල්වලට දෙමාපියන්ගෙන් පරිත්‍යාගයක් (donation) සඳහා ඉල්ලීමක් කළ හැකි නමුත් එය ගෙවීම අනිවාර්ය නැත. කරන ඕනෑම පරිත්‍යාගයක් සඳහා බදු ණයක් (tax credit) ලෙස දෙමාපියන්ට යම් මුදලක් ආපසු ලබා ගත හැක. එසේම සිසුන් මුදල් පරිත්‍යාග නොකිරීම මත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමෙන් හෝ වාර්තා ලබා ගැනීමෙන් වැලැක්විය නොහැක. කෙසේ වෙතත්, සිසුන්ට තවමත් නැටුම් ප්‍රසංග වැනි ක්‍රියාකාරකම් සඳහා තමන්ගේම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හෝ පාසල් සඟරා වැනි දේ සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය විය හැකිය.

සිසුන්ගේ අධ්‍යාපන මට්ටම් දියුණු කිරීම සඳහා ඇති MathsWhizz, Reading Eggs වැනි වැඩසටහන් සඳහා අතිරේක මුදල් ගෙවීමක් වශය වීමට ඉඩ ඇත. එසේම පාසැල් කඳවුරු සඳහා අයකරන ගෙවීම්, පරිත්‍යාග ලෙස සලකනු ලබයි.

මේ සම්බන්ධ වැඩි විස්තර පහත ලින්ක් එක හරහා ලබාගත හැක.
https://www.rnz.co.nz/news/national/509573/what-parents-are-actually-required-to-pay-schools

Share this:
error: Content is protected !!
×