HomeNewsSri Lankan News

දුලාරි ගෝනවල ඕස්ට්‍රේලියාවේ ඉහළම ගුරු සම්මානයෙන් පිදුම් ලබයි.

පෙර පාසල් ගුරුවරුන් සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීමට Victoria ප්‍රාන්තයේ දුලාරි ගෝනවල සමත් විය.

දුලාරි ගෝනවල ඕස්ට්‍රේලියාවේ ඉහළම ගුරු සම්මානයෙන් පිදුම් ලබයි.

පසු ගිය වසරේ ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් සදහා පිදෙන ජාතික විශිෂ්ටතා සම්මාන ( National Excellence in Teaching Awards Seed Award) පිරිනැමීමේදී,එහි පෙ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවෙයි, හය දෙනෙක් අත්අඩංගුවේ…
නවසීලන්තයේ රජය ද්විතීයික ගුරුවරුන් සඳහා 14.5% කින් වැටුප් වැඩිකරයි.
ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි.

පසු ගිය වසරේ ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් සදහා පිදෙන ජාතික විශිෂ්ටතා සම්මාන ( National Excellence in Teaching Awards Seed Award) පිරිනැමීමේදී,

එහි පෙර පාසල් ගුරුවරුන් සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීමට Victoria ප්‍රාන්තයේ දුලාරි ගෝනවල සමත් විය

National Excellence in Teaching Awards පදනම මගින් වසර 28ක් පුරා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ගුරුවරුන්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ජාතික ගුරු විශිෂ්ටතා සම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙහිදී ගුරු වෘත්තිය තුළ කැපී පෙනෙන සුවිශේෂී දායකත්වයක් දක්වන ගුරුවරුන් , විදුහල්පතිවරුන් මෙන්ම ගුරු කණ්ඩායම් ද විවිධ කාණ්ඩ යටතේ ජාතික මට්ටමෙන් ඇගයීමට ලක් කරයි.

ඉහළම වෘත්තීය නිපුණතා අවශ්‍ය ඔස්ට්‍රේලියානු ගුරු වෘත්තීය තුළ ලැබිය හැකි ඉහළම ඇගයීමක් හිමි වීම විශිෂ්ට ජයග්‍රහණයකි.

මෙය child care ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් දක්වන ප්‍රජාවක් ලෙස අපට අතිශය වැදගත් වේ.

ඇය සිය වෘත්තිය තුළ දක්වන ලද මනා සංයමය,කැපවීම සහ උනන්දුව මේ තලයට ඇය පත්වීම සඳහා හේතු වී ඇත.

ඉතාම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ළමුන්ගේ මානසික මට්ටම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහිතව ක්‍රියාත්මක කිරීම දුලාරිගේ ජයග්‍රහණයේ රහස වේ.

Share this:
error: Content is protected !!