ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමඟි ජනබලවේගයෙන් ඉවත් කළ යුතු බවට වන බලපෑම වඩාත් ප්‍රබල වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. පක්‍ෂයේ පොදු මතය සමඟ කට
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමඟි ජනබලවේගයෙන් ඉවත් කළ යුතු බවට වන බලපෑම වඩාත් ප්‍රබල වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. පක්‍ෂයේ පොදු මතය සමඟ කටයුතු කළ නොහැකි නම් සහ, පක්‍ෂයේ පොදු ක්‍රියාකාරීත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නියෝජිතයින් දැඩි අප්‍රසාධය පළකිරීමත් සමඟයි මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ.
ඇතැමුන් පෙන්වා දෙන්නේ පක්‍ෂයේ සභාපති ධුරය ද ලබාදෙමින් ඔහුට හිමි නිසි ගෞරවය ලබාදීමට පක්‍ෂ නායකත්වය හා සාමාජිකත්වය පියවර ගෙන ඇතත්, සරත් ෆොන්සේකා මහතා ඒ කිසිවක් නොතකමින් අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවයි.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහු යුද හමුදාපතිවරයා ලෙස පත්කළේය. කෙසේ වෙතත් අවසානයේදී ෆොන්සේකා මහතා මහින්දට එරෙහිව කැරළි ගැසුවේය. අවසානයේ සිරදඩුවම් විදීම දක්වා ෆොන්සේකා මහතා දේශපාලන පලිගැනීමකට ලක්වූ අවස්ථාවේදී බොහෝ දෙනෙකු ඔහු වෙනුවෙන් පෙනී සිටියහ. කෙසේ වෙතත් අවසානයේදී ෆොන්සේකා මහතාට ඒ සියල්ල අමකවී ගියේය. 2025 වසරේ කුමන තත්ත්වයක් යටතේ හෝ ඔහුට ෆීල්ඩ් මාෂල් තනතුර ලබාදෙමින් ගෞරවය ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළේය. අවසානයේ සරත් ෆොන්සේකා මහතා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට එරෙහිවද කැරළි ගැසුවේය. සියල්ල මධ්‍යයේ සහ ප්‍රතික්‍ෂේප කිරීම් තුළ සජිත් ප්‍රේමදාස ඔහුට ගෞරවනීය තැනක් ලබාදෙමින් පිළිගත්තේය. ඒ සමගි ජනබලවේගයේ දෙවැනි තනතුර වන සභාපති පුටුව ලබාදෙමිනි. දැන් මේ සිදුවෙමින් පවතින්නේ සජිත්ට එරෙහිව කැරළි ගැසීමට ද ? පක්‍ෂ අභ්‍යන්තරයේ මතය වන්නේ මෙයයි.
සිය මතය පක්‍ෂයේ මතය බවට පත්කිරීමට ඔහු උත්සාහ දරණ බව ද පක්‍ෂයක මතය යනු තනි පුද්ගලයෙකුගේ මතය නොවන බව ඔහු අවබෝධ කරගත යුතු බව ද පවසන පක්‍ෂ සාමාජිකයින් අවධාරණය කර ඇත්තේ යම් ගැටළූවක් පවතින්නේ නම්, කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණ ඒවා විසඳා ගැනීමට පියවර ගත යුතු බවයි. එසේ නොමැතිව බොරදියේ මාළුබාන ආකාරයෙන් දේශපාලනය කළ නොහැකි බව ඔවුන් අවධාරණය කරන කාරණයයි.
මේ තත්ත්වය තුළ පක්‍ෂයේ තනතුර මෙන්ම සාමාජිකත්වය අහිමි වේයැයි ෆොන්සේකා මහතා බියට පත්ව සිටින බවත්, ඔහු නිරන්තරයෙන් සජිත් ප්‍රේමදාසට කතා කරමින් එසේ නොකරන්නැයි ඉල්ලා සිටින බවත් දේශපාලන තොරතුරු අනාවරණ කරන තවත් කාරණයකි. කුමන් තත්ත්වයක් පැවතුනද පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණ ගැටළුවක් ඇත්නම් ඒවා විසඳා ගැනීමට ද ඔහු කටයුතු නොකරන තත්ත්වයක් ද නිර්මාණය වී ඇති අතර, එලෙස හැසිරෙන ෆොන්සේකා මහතා පක්‍ෂයේ සභාපති තනතුර ආරක්‍ෂා කර දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමට සූදානම් වන බවට මතයක් නිර්මාණය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පැවැසුවා.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.