ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක වාර්ථාවක් තැබීමට සමත්ව තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසේ දඟ පන්දු යවන්නකු ලබාගත් වේගවත්ම
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක වාර්ථාවක් තැබීමට සමත්ව තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසේ දඟ පන්දු යවන්නකු ලබාගත් වේගවත්ම කඩුලු 50 සීමාවට ප්‍රවිශ්ටවීමට ප්‍රභාත්ට හැකියාව ලැබී තිබෙනවා. ඔහු සමඟ දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වනන් ෆිලැන්ඩර් සම කඩුලු තත්ත්වයේ පසුවන අතර Wisdon ක්‍රිකට් සඟරාවට අනුව 1900 වසරට පසුව දඟ පන්දු යවන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ හොඳම දක්ෂතාවය මෙයයි. මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය වන අද ඔහුගේ පනස්වෙනි ටෙස්ට් කඩුල්ල වූයේ අයර්ලන්ත ක්‍රීඩක Paul Stirling. ප්‍රභාත් ජයසූරිය මේ වන විට ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කොට දැනට කඩුලු 50ක් ලබාගෙන සිටිනවා. මෙම තරගයේ අවසාන දිනය අද වන අතර දෙවන ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය තවමත් ලකුණු 91ක් පසුපසින් සිටිනවා.