HomeLifestyle

ආත්ම අභිමානය වැඩි කරවන කරුණු 6 ක්.

ආත්ම අභිමානය වැඩි කරවන කරුණු 6 ක්.

ආත්ම අභිමානය එහෙමත් නැත්නම් ඉංග්‍රීසී භාෂාවෙන් අපි හදුන්වන self-esteem එක කියන්නේ මොකද්ද? ඇත්තටම self-esteem එක කියල කියන්නේ ඔයාගේ අනන්‍යතාවය එහෙමත්

ඔබේ දරුවාට හොඳ ම පෙර පාසල තෝරගන්න නම් මේ ගැන හිතන්න
ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන දැනුවත් වෙමු…
ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ගෙන් YouTube හි AI බලයෙන් ක්‍රියා කරන හඬකැවීම් මෙවලමක්…

ආත්ම අභිමානය එහෙමත් නැත්නම් ඉංග්‍රීසී භාෂාවෙන් අපි හදුන්වන self-esteem එක කියන්නේ මොකද්ද? ඇත්තටම self-esteem එක කියල කියන්නේ ඔයාගේ අනන්‍යතාවය එහෙමත් නැත්නම් identity එක ඒ විදියටම accept කරන එකටයි. කෙනෙක් තමන්ගේ ආත්ම අභිමානය ගැන සැලකිලිමත් වෙනකොට එයාට බාහිර පරිසරයෙන් එල්ල වෙන පීඩනය ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ වගේම තවත් කෙනෙකුගේ මතයක් මත යැපෙන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. එහෙම ජීවත් වෙන කෙනෙකුට තමන්ගේ values තේරුම් ගන්න පහසු වෙනවා. ඔයාටත් ඔයාගේ ආත්ම අභිමානය තව දුරටත් වර්ධනය කරගන්න අවශ්‍ය නම් මේ ලිපිය අවසන් වෙන තුරු කියවන්න අමතක කරන්න එපා.

  1. ඔයාව තවත් කෙනෙකුට කේවල් කරන්න ඉඩ දෙන්න එපා.

තවත් කෙනෙකුට ඔයාව negotiate කරන්න පුළුවන් නම් එතනදී සිද්ධ වෙන්නේ ඔයාගේ self-esteem එකට හානි වෙනවා වගේම ඔයාගේ value එකටත් හානි වෙනවා කියන එකටයි. කිසිම වෙලාවක ඔයාගේ ජිවීතය අමාරුවේ වැටෙන විදියට තවත් කෙනෙකුට ඔයාව negotiate කරන්න ඉඩ දෙන්න එපා. කෙනෙක්ට ඔයාව ලේසියෙන්ම negotiate කරන්න පුලුවන් නම් ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ වැදගත්කම වගේම වටිනාකමත් අඩු වෙලා යන එකටයි. මේ rule එක ඔයා අනුගමනය කලොත් ඔයාගේ ආත්ම විශ්වාසය නිතැතින්ම වර්ධනය වෙනවා. ඒ වගේම තමන් ගැන තියෙන ආත්ම අහිමානයත් වර්ධනය වෙනවා. ඔයා Non-negotiable කෙනෙක් වෙන එකේ තවත් එක ප්‍රධාන වාසියක් තමයි මොන අවස්ථාවකදි උනත් ඔයා ගණුදෙනු කරන්නේ කාත් එක්ක උනත් ඔයාට ඔයාම වෙන්න පුළුවන් වීම. ඒ වගේම ඒ තුලින් ඔයාට strong, confident වගෙම වඩාත් හොද character එකක් බවට පත් වෙන්න අවස්ථාව හිමි වෙනවා.

  1. තමන්ට තමන්ම පොරොන්දු වෙන්න.

ඔයාට self-esteem එක ගොඩනගා ගන්න ඕන නම් අවශ්‍යම වෙන දෙයක් තමයි තමන්ට තමන්ම වෙන පොරොන්දු ආරක්ෂා කර ගැනීම. ඒ පොරොන්දු ආරක්ෂා කරනකොට, ඉටු කරනකොට ඔයාගේ ජීවිතයේ value එක ඔයා නොදැනීම වර්ධනය වෙනවා. ඒවගේම ඔයා ඔයාටම දුන්නු පොරොන්දු කඩ කරනවා නම් ඒකෙන් වෙන්නේ ඔයාගේ self-esteem එක නොදැනීම බිද වැටෙනවා කියන එකයි. ඒ වගේම ඒ තුලින් තමන් ගැනම disappointment එකක් වගේම self-doubt එකකුත් කෙනෙක් තුල ඇති වෙනවා. මේ නිසා ඔයා ඔයාටම වෙන පොරොන්දු අනිවාර්යෙන්ම ආරක්ෂා කරන්න අමතක කරන්න එපා. ඒක යම් කිසි ඉලක්කයක් හඹා යාමක් උනත්, යම් කිසි දෙයක් ලබා ගැනීම උනත්, නව පුරුද්දක් ගැන දෙයක් වුනත් ඒ පොරොන්දුව ඒ විදියටම ආරක්ෂා කරන්න මතක තියා ගන්න. ඒ තුලින් ඔයාට ඔයා ගැනම self-respect එකක් ඇති වෙනවා වගේම, ඔයාගේ හැකීයාවන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ ජීවිතය විශ්වාසයෙන් ගත කරන්න අව්ශ්‍ය ශක්තියත් හිමි වෙනවා.

  1. තමන් වෙනුවෙන් පෙනී සිටින්න.

තමන් වෙනුවෙන් පෙනී හිටිනවා එහෙමත් නැත්නම් Standing on your truth කියන එකෙන් අදහස් වෙන්නේ ඔයා ඔයාගේ genuine self එකත් එක්ක ඔයාගේ values සහ beliefs එක්ක in line වෙනවා කියන එකටයි. මෙතනදි ඔයාට අවංකවම ඔයා වෙන්න සිද්ධ වෙනවා. ඔයාගේ අවශ්‍යතා වලට ගරු කරන්න වගේම ඔයාගේ සීමාවන් අදුනගන්නත් වෙනවා. මේ හැමදෙයකදීම වැදගත්ම දේ තමයි ඔයාට බාහිරින් එල්ල වෙන පීඩනය දරාගන්න සිද්ධ වෙනවා කියන එක. මෙතනදි ඔයාට ඔයා වෙනුවෙන්ම courage එකක් ඇති කරගන්න වෙනවා. ඒ තුලින් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ inner voice එකට ඇහුම්කන් දීලා ඔයාට අවශ්‍ය ජිවිතය නිර්මාණය කරගන්න. ඔයා, ඔයා වෙනුවෙන් පෙනී ඉන්නකොට ඔයාට meaningful connections හම්බෙනවා විතරක් නෙමෙයි ඔයාට වගේම ලොකයටත් positive impact එකක් ඇති වෙනවා.

  1. තමන්ගේ හඩ සොයා ගන්න.

අපි හැමෝටම අනන්‍ය වුන perspective එකක් තියෙනවා. තමන්ගේ හඩ හොයාගන්න කියන එකෙන් අදහස් වෙන්නේ තමන්ගේම unique perspective එක සහ තමන්ටම ආවේණික වුන thoughts හොයාගන්න කියන අදහසයි. ඒ තුලින් ඔයාට ඔයාගේ inner beliefs සහ values බෙදා හදාගන්න වගේම විමර්ශනය කරන්නත් අවස්ථාව හිමි වෙනවා. මේ ක්‍රියාවලියේදි ඔයාගේ හැගීම් තේරුම් ගන්න ඔයාට අත්‍යාවශ්‍යම වෙන කාරණා දෙකක් තමයි Introspection සහ willingness කියලා කියන්නේ. ඔයාගේ හඩ එහෙමත් නැත්නම් ඔයාගේ voice එක ඔයාගේ අත්දැකීම් සහ values වලින් හැඩ ගැහුණු දෙයක්. ඔයාට ඔයාගේම voice එක හොයාගන්න පුළුවන් වුන දවසට ඔයාගේ අදහස් බෙදා ගන්න අවශ්‍ය ආත්ම විශ්වාසය වගේම ඔයාගේ විශ්වාසයන් වෙනුවෙන් නැගී සිටින්න පුලුවන් ශක්තියත් අනිවාර්යෙන්ම හිමි වෙනවා.

  1. තමන්ගේ අවශ්‍යතා සහ උවමනා හදුනා ගන්න.

තමන්ගේ අවශ්‍යතා හදුනාගැනීම යනුවෙන් අදහස් වෙන්නේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතා, රැකියා අවශ්‍යතා හෝ සම්බන්ධතා ආශ්‍රිත අවශ්‍යතා හදුනා ගැනීමයි. අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමෙන් කෙනෙකුට තමන්ට අවශ්‍ය වෙන ආදරය, ආරක්ෂාව, පුද්ගලික වර්ධනය අත්පත් කරගන්නට පුළුවන්. self-discovery එකක් තුලින් තමන්ගේ අවශ්‍යතා හදුනා ගන්නා කෙනෙකුට තමන්ට සත්‍ය වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මොනවාද යන්න පිලිබදව හොද දැක්මක් ඇති වෙනවා. අවශ්‍යතා සහ උවමනා හදුනා ගෙන emotions සහ desires පිලිබදව වටහා ගන්නා කෙනෙකුට අවශ්‍යතා සහ උවමනා හදුනා ගැනීම අපහසු වෙන්නේ නැහැ. මේ සදහා තමන්ට සමීප විශ්වාසී පුද්ගලයන් සමග සංවාද ගොඩ නගා ගැනීම, ජර්නලයක් භාවිතා කිරීම හෝ තෙරපි අභ්‍යාස ක්‍රම වල නිරත වීම සිදු කරන්නට පුළුවන්.

  1. සංචාරයේ යෙදෙන්නත් අමතක කරන්න එපා.

Travel කරන එක එහෙමත් නැත්නම් සංචාරයේ යෙදෙන එක අපිට කායිකව වගේම මානසිකවත් ඉතා හොද අත් දැකීමක්. ඒ තුලින් කෙනෙකුගේ perspective එක පුළුල් වෙනවා වගේම තමන් ගැන තව දුරටත් discover කරන්න පුළුවන් හැකියාවත් හිමි වෙනවා. සංචාරය තුලින් කෙනෙකුට transformative experience එකක් ලැබෙනවා වගේම කෙනෙකුගේ self-esteem එක වර්ධනය වීමත් සිදු වෙනවා.

තමන් පිලිබදව strong sense එකක් නිර්මාණය කර ගැනීම සහ ආත්ම අභිමානය ගොඩ නගා ගැනීම යන දෙක gradual process එකක්. ඒ නිසා ඒ process එකේදී ඉවසීමෙන් සිටීම වගේම මේ ගමනේදී ලැබෙන කුඩා කුඩා ජයග්‍රහණ සැමරීමත් අත්‍යාවශ්‍ය කාරනයක් වෙනවා.ඒ සදහා self-reflection එක self-compassion එක සහ තමන් තමන් විදියට පිලිගැනීම යන කරුණු තුනම අවශ්‍ය වෙනවා. ඉහත සදහන් කල කරුණු අනුගමනය කිරීමෙන් කෙනෙකුට තමන් පිලිබදව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වගේම තමන්ගේ වටිනාකම ගැන ඉගෙන ගන්නත් අවස්ථාව හිමි වෙනවා.

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!