HomeLifestyle

ජීවිත කාලයම සතුටින් ඉන්න අත්‍යාවශ්‍යම කරුණු තුනක්.

ජීවිත කාලයම සතුටින් ඉන්න අත්‍යාවශ්‍යම කරුණු තුනක්.

අපි කෑම ගන්නේ අපේ ඇගට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න කියල අපි දන්නවා. හැබැයි අපි අද කතා කරන්නේ ඒ වගේ පෝෂ්‍ය පදාර්ථ ගැන නම් නෙමෙයි. අද අපි කතා කරන්නේ ඔ

ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි.
පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක්
අවුරුදු පහක බබෙක් ගැන ඉගෙන ගමු

අපි කෑම ගන්නේ අපේ ඇගට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න කියල අපි දන්නවා. හැබැයි අපි අද කතා කරන්නේ ඒ වගේ පෝෂ්‍ය පදාර්ථ ගැන නම් නෙමෙයි. අද අපි කතා කරන්නේ ඔයාලගේ ජීවිත කාලය පුරාම සතුටින් ඉන්න ඔයාලට අවශ්‍ය කරන Macronutrients තුනක් ගැනයි. මුලින්ම කිය්න්න ඕන ජීවිත කාලය පුරාම සතුටින් ඉන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල් කියල ටිකක් අපිට හරියටම කියන්න අමාරුයි. හැබැයි ජීවිතේ සමහරක් දේවල් වලට පුලුවන් අපේ සතුට හැමදාමත් පවත්වාගෙන යන්න.

Social scientist කෙනෙක් වෙන ආතර් බෲක්ස් රචනා කරපු Build the Life You Want කියන ග්‍රන්ථයේ තියෙන ජිවීතේ සතුටින් තියන්න පුළුවන් Macronutrients තුනක් ගැන තමයි අද ලිපියෙන් අපි කතා කරන්නේ. ඉතින් ඔයාත් කැමති නම් ඔයාගේ ජිවීතේ සතුටින් තියාගන්න, මේ ලිපිය අන්තිම වෙනකන් කියවන්න අමතක කරන්න එපා.

1. සතුට

සතුට, සැනසීම, ආශ්වාදය මේ හැමදේකටම පොදු වචනයක් අපි ඉංග්‍රීසී භාෂාවේදී භවිතා කරනවා. ඒ තමයි enjoyment කියන වචනය. ආතර් බෲක්ස් කියන් විදියට වර්තමාන තරුණ පරම්පරාව තුල අපිට දකින්න හම්බෙන්නේ enjoyment කියන දේ වෙනුවට pleasure කියන දේ විතරක් කියලයි. ඒ කියන්නේ බෲක්ස් කියන විදියට enjoyment සහ pleasure කියන්නේ එකිනෙකට වෙනස් දේවල් දෙකක් කියන එකයි.


Pleasure කියන දේ ඇති වෙන්නේ අපේ මොළයේ limbic system එක තුලයි. ඒක හරියට “ මේක හොදයි, ඒක ආයෙම කරන්න” වගේ හැගීමක්. ඒත් ඒ මොහොතේ අපිට දැනෙන ඒ සතුටුදායක හැගීම ගොඩක් කාලයක් පුරා පවතින්නේ නැහැ. මේ එක මොහොතකදී දැනෙන සතුට දීර්ඝ කාලීනව විදින්න නම් අපිට ඒකට දේවල් දෙකක් එකතු කරගන්න වෙනවා. ඒ දෙක තමයි මිනිස්සු සහ මතකයන්. තනියම සතුට හොයනවා වෙනුවට ඒකට අනිත් අයවත් එකතු කරගෙන මතකයන් ගොඩනගා ගන්න. ඒක අත්දැකීමක් වෙලා ඔයාගේ මොළයේ කොටසක් වෙන prefrontal cortex එකේ තැන්පත් වෙනවා. ඒ කියන්නේ ඒක ඔයාගේ සදාකාලික සතුටුදායක මතකයක් විදියට තැන්පත් වෙනවා.


උදාහරණයකට පවුලේ හැමෝම එකතු වෙන නත්තල් පාටියක්, අවුරුදු කෑම මේසයක් ගැන හිතලා බලන්නකො. අපිට පසුකාලීනව මතක තියෙන්නේ එතනදී කාපු කෑම බීම නෙමෙයි. අපිට සතුට ගෙන දෙන්නේ එතන ඉන්න අයත් එක්ක අපි ගොඩ නගා ගත්තු මතකයන් එක්කයි.


සරලවම ඔයාට සතුටක් ගෙන දෙයක් තියෙනවා නම්, ඒක තනීයම කරන්න උත්සාහ කරන්න එපා. අනිත් අයටත් ආරාධනා කරන්න. ඒකට emotion එකතු කරගන්න. එකට එකතුවෙලා මතකයන් ගොඩ නගා ගන්න. මෙන්න මෙහෙම කලොත් ඔයාගේ ජීවිතේ ලස්සන මොහොතවල් කවදාවත් අමතක වෙන්නේ නැති සතුටුදායක මොහොතක් බවට පත් වේවී.

2. සංතෘප්තිය

බෲක්ස් තමන්ගේ පොතේ සදහන් කරන විදියට, හැම struggle එකකින් පස්සෙම අපිට සතුටක් අනිවාර්යෙන්ම ලැබෙනවා. සාමාන්‍යෙන් අපි දෙයක් ලබා ගන්න උත්සාහ කරනකොට අපි හිතනවා ඒක ලබා ගත්තම අපිට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල. නමුත් අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ එහෙම නෙමෙයි. සංතෘප්තිය එහෙමත් නැතිනම් satisfaction කියන එක සදාකාලික දෙයක් නෙමෙයි. දෙයක් ලබා ගත්තට පස්සෙ අපිට තවත් දෙයක් ඕන වෙනවා. ඉතින් මේක සදාකාලික චක්‍රයක්.


මේකට තියෙන එකම විසදුම තමයි මෙන්න මේ පුංචි සමීකරණය ඉගෙන ගන්න එක. ඔයාට තියෙන දේවල් ඔයාට අවශ්‍ය දේවල් වලින් බෙදන්න. ඔයාට තියෙන දේවල් ප්‍රමාණය වැඩි වෙන අතරේ ඔයාට අවශ්‍ය දේවල් කොහොමද වැඩි වෙන්න ඕන කියන එක තේරුම් ගන්න. ඔයාට ඕන අවශ්‍ය දේවල් අඩු උනොත් ඔයාගේ satisfaction එක වැඩි වෙනවා නේද කියන එක ඔයාට එතකොට තේරුම් යයි.

3. තේරුම

ජීවිතේට meaning එකක් එහෙමත් නැත්නම් purpose එකක් තියෙන්න ඕන කියන එක අපි හොදටම දන්න දෙයක්. බෲක්ස් එයාගේ පොතේ සරල ප්‍රශ්ණ දෙකක් අහනවා. ඇයි ඔයා ජීවත් වෙන්නේ? සහ ඔයාගේ ජීවිතේ තියෙන ලොකුම ආශාව මොකද්ද? ඒක මරණයට වත් ඔයාව නවත්වන්න බැරි ආශාවක් වෙන්න ඕන.

මේ ප්‍රශ්ණ දෙකටම ඔයා දෙන උත්තරය ජීවිත කාලයටම එකක් වෙන්න ඕන නැහැ. කාලයෙන් කාලයට ඒක වෙනස් වෙන්න පුළුවන්. වැදගත්ම දෙයක් තමයි ඒකට උත්තරයක් ඔයා සතුව තියෙන එක. ඒක එහෙම නැත්නම් ඔයා ගැනම soul-searching එකක් කරන්න මේ තමයි වෙලාව. සමහරක් අය භාවනාව තුලින් ඒක හොයා ගන්නවා. තවත් සමහරක් අයට ඒක ගැන හිතන්න නිදහස් වෙලාවක් අවශ්‍ය වෙනවා. තමන්ට ගැලපෙන උත්තරය හොයා ගන්න විදිය වගේම උත්තරයක් හොයා ගන්න ඕන තමන් විසින්මයි. බෲක්ස් තමන්ගේ පොතේ ඒ විදියට සදහන් කරනවා.


බෲක්ස් සදහන් කරන විදියට කෙනෙක්ට ජීවිත කාලය පුරාම සතුටින් ඉන්න අවශ්‍ය නම් අපි මේ ඉහත සදහන් කරපු කරුණු තුනම එක හා සමානව වැදගත් වෙනවා. කෙනෙකුට ඒ තුනම ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් එයාට පුලුවන් එයාගේ ජීවිතය සතුට පිරුණු එකක් බවට නිතැතින්ම පත් කරගන්න.

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!